2024 මැයි 17, පෙ.ව. 9:57
හර්කිව් (හර්කෆ්) ප්‍රදේශයෙහි ආරක්ෂක වළලු ඉදි කිරීම සඳහා අනුමත වූ ග්‍රිව්නා බිලියන 7 ක (ඇමරිකන් ඩොලර් මිලියන 176.5) මුදලෙන් විශාල කොටසක් හමුදා බලධාරීන් විසින් විවිධ ව්‍යාජ සමාගම් හරහා වංචා කර ඇතැයි යුක්‍රේනයේ දූෂණ විරෝධී ක්‍රියාකාරිණියක වන මාර්තිනා බගුස්ලවෙත්ස් චෝදනා කරනවා.
ඇය මේ බව සඳහන් කර තිබුණේ යුක්‍රේන්ස්කා ප්‍රාව්ද පුවත්පත වෙත ලියන ලද ලිපියක් මගින්.
මෙම පෙරමුණේ ප්‍රමාණවත් ආරක්ෂක වළලු ඉදිකර නොතිබීම පිළිබඳ පසුගිය දිනවල යුක්‍රේනයේ විශාල ආන්දෝලනයක් ඇතිවුණා. වොව්චාන්ස්ක් නගරයේ මිලිටරි පරිපාලනයේ ප්‍රධානී තමාස් ගම්බරාෂ්විලි ප්‍රකාශ කර තිබුණේ රුසියානු ප්‍රහාර හේතුවෙන් එම කටයුතු අඩාලව පැවති බවයි.
රුසියානුවන් ද මෙම කලාපයේ අගල් සෑරීමට ගෙනෙන යන්ත්‍ර සූත්‍ර ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීම මගින් එම කටයුතු අඩාල කළේ යයි එම පාර්ශවයෙහි ඇතැම් හමුදා බ්ලොගර්වරුන් පවසා තිබුණා.
2026 ඔක්තෝබර් 10, ප.ව. 12:36
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 10:34
2026 ඔක්තෝබර් 08, ප.ව. 7:15
2026 සැප්තැම්බර් 25, ප.ව. 12:45
2026 සැප්තැම්බර් 22, ප.ව. 1:55