hit counter

2025 මාර්තු මස 11 වන අඟහරුවාදා

2025 මාර්තු 09, ප.ව. 11:58



රුසියාවේ කුර්ස්ක් පළාතේ සිටින 10,000 ක පමණ යුක්‍රේන හමුදාවන් කොටුවීමේ අවදානමක් මතුව තිබෙනවා.

ප්‍රදේශ කිහිපයකින් රුසියානු හමුදා එල්ල කරන ප්‍රහාර හමුවේ එම පළාතේ යුක්‍රේන හමුදා පසුබසිමින් සිටිනවා. මේ අතර කුර්ස්ක් සිට යුක්‍රේනයේ සූමි පළාතට වැටී ඇති ප්‍රධාන මාර්ගය කපාහැරීම සඳහා රුසියානුවන් එල්ල කරන ප්‍රහාරය යුක්‍රේන හමුදාවන්ට ප්‍රබල අභියෝගයක් වී තිබෙනවා.

මේ අනුව මෙම හමුදා ඉවත් කරගැනීම පිළිබඳව ද යුක්‍රේනියානු බලධාරීන් සලකා බලන්නේ යැයි වාර්තා වුණා.

යුක්‍රේනය කුර්ස්ක් පළාත වෙත ප්‍රහාරය එල්ල කළේ 2024 අගෝස්තු 6 වනදා යි. ඔවුන් වර්ග කිලෝමීටර් 1000 කට වැඩි ප්‍රමාණයක් අල්ලාගත් අතර මේ වනවිට ඔවුන් සතුව එම පළාතේ වර්ග කිලෝමීටර් 400 ක් පමණ තිබේ යැයි සඳහන්.