hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 ජූලි 22, පෙ.ව. 10:14



අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න්ට කොවිඩ්-19 වැළඳී තිබෙනවා.

ධවල මන්දිර නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, මේ වන විට ඔහු මෘදු රෝග ලක්ෂණ පෙන්වන බවයි.

එන්නත්කරණය සම්පූර්ණ කර බූස්ටර් මාත්‍රා දෙකක් ලබා ඇති ජෝ බයිඩ්න් ධවල මන්දිරයේ හුදෙකලා වී සිය රාජකාරි දිගට ම කරගෙන යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ඔහු, දුරකතනයෙන් හෝ Zoom හරහා දිගට ම රැස්වීම් පවත්වන බව ත් දැනට ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවත් අදාළ වාර්තාවල දැක්වෙනවා.