2025 මාර්තු 26, ප.ව. 1:39
ඇමරිකානු රජයේ ප්‍රධාන නිලධාරීන් කිහිපදෙනකු සම්බන්ධ වූ පණිවිඩ හුවමාරු කණ්ඩායමක තොරතුරු මාධ්‍යවේදියකු වෙත ලැබීමේ සිද්ධියක් හෙළිවීමෙන් බරපතල අර්බුදයක් හටගෙන තිබෙනවා.
සිග් නම් මැසෙන් ජර් යෙදවුමෙහි මෙම කණ්ඩායම තුළ මෑතකදී ඇමරිකානුවන් විසින් යේමනයේ හූති කැරලිකරුවන්ට පහරදීම සම්බන්ධ කාරණා සාකච්ඡා වී තිබෙනවා. කිසියම් අයකු විසින් ද ඇට්ලාන්ටික් සඟරාවේ කර්තෘ ජෙෆ් ගෝල්ඩ්බර්ග් මෙම කණ් ඩායමට එකතු කර ඇති අතර එහි වූ තොරතුරු ඒ අනුව ඔහුට ලැබී තිබෙනවා.
උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්, රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ජාතික ආරක්ෂක උපදේශක මයික් වොල්ට්ස්, සී.අයි.ඒ. ප්‍රධානී ජෝන් රැට්ක්ලිෆ් ආදීන් මෙහි සිටි බවයි දැනගන්නට ඇත්තේ.
ප්‍රහාරයට පෙර හෙග්සෙත් විසින් ඒ පිළිබඳ තොරතුරු මෙම කණ්ඩායම සමග බෙදාගත් බව ද සඳහන් වනවා.
මෙම ප්‍රහාරය පිළිබඳව ජේ.ඩී. වෑන්ස් එතරම් කැමැත්තක් දක්වා නැති බව ද එහිදී පෙනී යනවා. වෑන්ස් පවසා ඇත්තේ හූති කැරලිකරුවන් විසින් එල්ල කරන ප්‍රහාරයන් හේතුවෙන් වැඩියෙන්ම අපහසුතාවයට පත්වන්නේ යුරෝපීය රටවලට ගමන් ගන්නා නෞකා බැවින් ඒ පිළිබඳව කටයුතු කිරීම අවශ්‍ය නොවන බවයි.
මෙම ප්‍රහාරය අත්‍යවශ්‍ය යැයි හෙග්සෙත් විශ්වාස කරන්නේ නම් එය ක්‍රියාවට නැගීම පිළිබඳ ගැටලුවක් තමන්ට නැතත්, යුරෝපීයයන් ගලවාගැනීමට ඇමරිකාව වෙහෙසිය යුතු නැති බව ද ඔහු පවසා තිබෙනවා. හෙග්සෙත් ඊට පිළිතුරු දෙමින් පෙන්වා දී ඇත්තේ තමන් ද යුරෝපීයයන් පිළිබඳ නොසතුටු නමුත් මෙම ප්‍රහාරය කළ හැක්කේ ඇමරිකාවටම පමණක් බවයි.
කෙසේ නමුත් ආරක්ෂක මෙහෙයුම් පිළිබඳව වැදගත් තොරතුරු සුරක්ෂිත නොවන යෙදවුමක හුවමාරු කිරීම පිළිබඳව විශාල දෝශාරෝපණයක් මෙම නිලධාරීන් වෙත එල්ල වනවා. කොන් ග්‍රස් සභාවේදී ද මෙම කරුණ පිළිබඳව ජාතික බුද්ධි ප්‍රධානී තුල්සි ගැබාර්ඩ් සහ සී.අයි.ඒ. අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ් කැඳවා ප්‍රශ්න කරනු ලැබුණා.
2025 මාර්තු 28, ප.ව. 11:51
2025 මාර්තු 28, ප.ව. 4:43
2025 මාර්තු 24, ප.ව. 7:12
2025 මාර්තු 24, ප.ව. 7:01
2025 මාර්තු 23, පෙ.ව. 11:12