hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 20, ප.ව. 3:03



එළැඹෙන පෙබරවාරි 14 වැනිදාට යෙදී ඇති පෙම්වතුන්ගේ දිනය සැමරීමට කැනඩාවේ ජාතික සත්වෝද්‍යානය අපූරු සුබසාධන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ වැඩසටහනට අනුව තමා හැර ගිය පෙම්වතා හෝ පෙම්වතියගෙන් ශාරීරික පළිගැනීමකින් තොරව රිදවීමට හෝ තමා පීඩාවට ලක් කරන සේවා ආයතනයේ ඉහළ නිලධාරියකුට රිදවීමට හෝ අවස්ථාවක් සලසාලමින් කැරපොත්තකු ඔහුගේ හෝ ඇයගේ නමින් නම් කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.

ඒ සඳහා කළ යුතු වන්නේ ඔන්ලයින් ක්‍රමයට එම සත්වෝද්‍යානයේ වෙබ් අඩවියේ පළ කර ඇති ‘ name a roach‘ අයැදුම්පත පුරවා තමාට රිදවීමට අවශ්‍ය පුද්ගලයාගේ නම සඳහන් කර අමෙරිකානු ඩොලර් 25ක ආධාරයක් සමඟ යොමු කිරීම බව සඳහන් වෙනවා.

එසේ අයැදුම්පත් යොමු කරන පුද්ගලයන්ට කැරපොත්තාට තැබූ නම ඇතුළත් ඩිජිටල් සහතිකපතක් ලැබෙන අතර, ඔහුට හෝ ඇයට එය අවශ්‍ය පුද්ගලයාට යොමු කළ හැකියි.

එම සත්වෝද්‍යානය ට්විටර් ගිණුමේ ප්‍රචාරක දැන්වීමක් ද සඳහන් කර තිබූ අතර එහි මෙසේ සඳහන් වෙනවා.

රෝස මල් රතු ය.. වයලට් නිල් පාටය… ඔබට කරදර කරන අයකු ඔබේ ජීවිතයේ සිටිනවාද? මේ ආදරවන්තයන්ගේ දිනයේදී ඔවුන්ට ගෞරවයක් වශයෙන් කැරපොත්තෙකුට නම් තබා ඔවුන්ට ඇස්වල කඳුළු දෙන්න.