hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 21, ප.ව. 3:04



රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලක්ෂ 3ක අතිරේක බලඇණියක් කැඳවීමට තීරණය කර තිබෙනවා.

යුක්රේනයට එරෙහිව යුදමය තත්ත්වයට මුහුණ දීම සඳහා තම හමුදා බලඇණියේ සෙබලුන් වැඩි කිරීමේ අරමුණින් මෙලෙස අතිරේක බලඇණියක් කැඳවීමටයි රුසියානු ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ.

බටහිර රටවල් රුසියාවේ යුද ශක්තිය දුර්වල කිරීමට උත්සාහ කළ ද ඊට ඉඩ ලබා නො දෙන බවද රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, යුදමය වාතාවරණය හේතුවෙන් මේ වනවිට රුසියාවේ සෙබලුන් 6000ක් පමණ මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එසේම හමුදා අත්දැකීම් සහිත ස්වේච්ඡා භටයින් 300,000ක් නැවත හමුදා සේවයට කැඳවා හමුදා බලඇණි ශක්තිමත් කිරීමට තීරණය කර ඇති බව එරට ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළා.

මෙම තීරණයත් සමගම ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල 2%කින් ඉහළගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 92.90 දක්වාත් වෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියේට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 86.16 දක්වාත් අද (21) ඉහළගොස් තිබෙනවා.