hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 04, පෙ.ව. 10:09



තම රට ක්‍රෙම්ලිනයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේ යැයි කියනු ලබන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky ප්‍රකාශ කර තිබෙනවා.

“අපි පුටින්ට හෝ මොස්කව්වලට පහර දෙන්නේ නැහැ. අපි අපේ භූමියේ සටන් කරනවා. අපි අපේ ගම් සහ නගර ආරක්ෂා කරනවා,” යනුවෙන්ද යුක්‍රේන ජනාධිපති ෆින්ලන්තයේ සංචාරයක දී අදහස් දක්වමින් සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේවෙතත් එය ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ජීවිතයට ප්‍රහාරයක් එල්ල කිරීමට කළ උත්සාහයක් බව රුසියාව සඳහන් කරනවා.

රුසියානු ජනාධිපති කාර්යාලය සඳහන් කර තිබෙන්නේ ආරක්ෂක අංශ විසින් ඩ්‍රෝන යානා දෙකක් එක රැයකින් බිම හෙළූ බවයි.

එමෙන්ම මෙම ප්‍රහාරය වෙනුවෙන් ප්‍රතිප්‍රහාර එල්ලකරන බවද රුසියානු ජනාධිපති කාර්යාලය පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වැඩිදුරටත් මෙම ප්‍රහාරය පිළිබඳව රුසියානු ජනාධිපති කාර්යාලය සඳහන් කර ඇත්තේ ‘ යුක්‍රේනය ක්‍රෙම්ලිනයේ පිහිටි පුටින්ගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කර ඇති බවත් එය සැලසුම් සහගත ත්‍රස්තවාදී ක්‍රියාවක් සහ ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ උත්සාහයක් ලෙසයි.

ප්‍රහාරය එල්ල වූ බව කියන අවස්ථාවේ ජනාධිපති පුටින් එම සංකීර්ණයේ නොසිටි බව ද ප්‍රකාශ කර තිබෙනවා.