hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 07, පෙ.ව. 10:49



එකම පවුලක තරුණියන් දෙදෙනකු එක් මනාලයකු සමඟ විවාහ වීමේ පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා.

එරට මාධ්‍ය සඳහන් කරන්නේ රින්කි සහ පින්කි නමැති එම නිවුන් සොහොයුරියන් දෙදෙනා එක් මනාලයකු හා විවාහ වීමේ වීඩියෝ පටය මේ වන විට සමාජ මාධ්‍ය ජාලා අතර වේගයෙන් සංසරණය වෙමින් පවතින බවයි.

තොරතුරු තාක්ෂණය සම්බන්ධ රැකියාවක නිරත වන නිවුන් සොහොයුරියන්ගේ මේ අපූරු විවාහය හින්දු චාරිත්‍රයට පටහැණි වන බවත්, එම විවාහය සම්බන්ධව පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබූ බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.

කෙසේ වුවද එම විවාහයට දෙපාර්ශ්වයේම වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලැබී තිබෙනවා.