hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 29, ප.ව. 1:04



ඇමරිකාවේ 2024 ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ජෝ බයිඩන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති පළමු විවාදයේ දී අසාර්ථක වීම හේතුවෙන් ජෝ බයිඩන් තරගයෙන් ඉවත් වේද යන කතාබහක් මතු වී තිබෙනවා.

ජනාධිපතිවරයා එම විවාදයේ දී නිතර කරුණු අමතකවන සහ පටලාගන්නා ස්වභාවයක් පෙන්නුම් කළා. ඊට සාපේක්ෂව ට්‍රම්ප් ඉතා නිරවුල් සහ පැහැදිලි ලෙස අදහස් දැක්වීම් සිදුකළා. මේ හේතුවෙන් බයිඩන්ගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වූ විවාදය යළිත් මතුවී තිබෙන අතර ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ම ඔහුට ජයගැනීමට ඇති හැකියාව ගැන සැක කරන්නට පටන් ගෙන තිබෙන බවක් පෙනී යනවා.

මේ අවස්ථාවේ බයිඩන් වෙනුවට වෙනත් අපේක්ෂකයකු තෝරාගැනීම තරමක සංකීර්ණ​, නමුත් කළ හැකි කටයුත්තක්. එහෙත් ඒ සඳහා බයිඩන් තරගයෙන් ඉවත්විය යුතුයි. එසේත් නැතහොත් අගෝස්තුවේ පැවැත්වෙන ජාතික සම්මේලනයේදී ඔහු වෙනුවට වෙනත් අයකු පත්කරගත යුතුයි. බයිඩන් තරගයෙන් ඉවත්වීමට අදහස් නොකරන බවයි ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රකාශකයකු පවසා තිබුණේ. එහෙයින් ඔහුව ඉවත් කරන්නේ නම් එය ඉතා ගැටුම්කාරී තත්ත්වයක් මතුකළ හැකියි.