hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 නොවැම්‍බර් 01, පෙ.ව. 10:17



යේමනයේ අන්සරල්ලාහ් ව්‍යාපාරය හෙවත් හූති කැරලිකරුවන් ඊශ්‍රායලයට එරෙහි යුද්ධයට එක්වූ බව ඊයේ නිල වශයෙන් නිවේදනය කළා.

එහි ප්‍රකාශය බ්‍රිගේඩියර් යාහ්යා සරී සඳහන් කළේ ඔවුන් විසින් ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ගණනාවක් එල්ල කළ බවයි.

මෙය ඔවුන් විසින් එල්ල කළ තුන්වන ප්‍රහාරය බව කියා සිටි සරී, පලස්තීනයට එල්ල කරන ප්‍රහාරයක් නවතින තුරු ඊශ්‍රායලයට පහරදෙන බව ද කියා සිටියා.

පලස්තීනයට ස්ව ආරක්ෂාව සලසාගැනීම සඳහා අයිතිය ඇති බව යේමන ජනතාව පිළිගන්නා බව ද ඔහු සඳහන් කළා.

මේ අතර ඊශ්‍රායලය සඳහන් කළේ සිය රට දෙසට එල්ල වූ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර කිහිපයක් වළක්වා ලූ බවයි. දකුණුදිග ඊශ්‍රායලයේ එයිලට් නගරය දෙසට ද මෙසේ ප්‍රහාර එල්ල වී තිබෙන බවයි වාර්තා වූයේ.