hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 30, පෙ.ව. 11:59



රුසියාවේ තෙල් පිරිපහදුවලට පහරදීම පිළිබඳ ඇමරිකාව එතරම් ධනාත්මක ප්‍රතිචාරයක් නොදැක්වූ බවත් එසේ වුවද තම ප්‍රහාර එල්ල කළේ තමන් විසින් නිපදනව ලද ඩ්‍රෝනවලින් බැවින් එය එතරම් සැලකීම අවශ්‍ය නොවන බවත් යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.

වොෂිංටන් පෝස්ට් පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ යුක්‍රේනයේ බලශක්ති මධ්‍යස්ථානවලට රුසියාව විසින් ප්‍රහාර එල්ල කරන තුරු තමන් ද තෙල් පිරිපහදු ඉලක්ක කරගෙන පහරදෙන බවයි.

එමෙන්ම තම බලාගාර ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් ගුවන් ආරක්ෂණ අවි තමන් වෙත නොමැති බවත් බටහිර යුධ ආධාර නොලැබෙන්නේ නම් එය ගැටළුවක් වනු ඇති බවත් සෙලෙන්ස්කි පවසනවා.

රුසියානුවන් ද විදුලි බලය සහ ඉන්ධන නොමැතිව ජීවත් විය යුතු යයි සෙලෙන්ස්කි වැඩිදුරටත් කියා සිටිනවා.