hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 14, පෙ.ව. 3:14



ඇමරිකානු ආධාර නැවතීමේ අවදානම මැද යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ ඇමරිකානු සංචාරය බලාපොරොත්තු වූ ප්‍රතිඵල ගෙනදීමට සමත් වූයේ නැහැ.

සෙලෙන්ස්කි මෙම සංචාරයේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හමුවූ අතර එහිදී බයිඩන් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අරමුදලින් ඩොලර් මිලියන 200 ක් යුක්‍රේනයට ලබාදීමට නියම කළ බව සඳහන් කළා.

කෙසේ වෙතත් යුක්‍රේනයට ආධාර ලබාදීම සඳහා ඉදිරිපත්ව ඇති යෝජනා පිළිබඳ කොන්ග්‍රස් මණ්ඩලයේ මතය වෙනස් කිරීමට යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සමත් වූයේ නැහැ.

කතානායක මයික් ජොන්සන් සඳහන් කළේ යුක්‍රේන යුද්ධය සම්බන්ධව කිසිදු ධනාත්මක සැලැස්මක් ධවල මන්දිරය වෙතින් ඉදිරිපත්ව නොමැති බවයි. එමෙන්ම ඇමරිකානු අරමුදල් දකුණුදිග දේශසීමාවේ ආරක්ෂාව තර කිරීමට අවශ්‍යව ඇති බවත් ඔහු ප්‍රකාශ කරනවා.

මේ අතර සෙලෙන්ස්කි අවධාරණය කරන්නේ තමන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන හෙයින් තම රටට ආධාර කිරීම වැදගත් බවයි. කෙසේ වෙතත් ඇමරිකානු ආධාර නොමැතිව වුවද තමන් සටන අත නොහරින බව ඔහු පවසනවා.