hit counter

2024 මැයි මස 10 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 11:22



පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් දන්වා සිටින්නේ සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලුකාරී තත්ත්වය රෝගීන්ට සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට ගැටලුවක් විය හැකි බව කල් තියා වෘත්තීමය වශයෙන් පුරෝකථනය කරමින් වෘත්තිකයන් විසින් සිදු කරන ලද අදහස් දැක්වීම් සහ සාකච්ඡා මගින් ඇති විය හැකි අර්බූදය යම්තාක් දුරකට හෝ වළක්වා ගැනීමට හේතුවක් වූ බව තරයේ විශ්වාස කරන බවයි.

කෙසේ නමුත් මෙම තත්ත්වය හරහා පාඩු ලබන ඇතැම් සමාගම් සහ උරන වූ ඇතැම් නිළධාරීන්ගේ උසි ගැන්වීම මත, හදිසි වැටලීම් සහ විමර්ශන අංශය යොදවා ගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපතිවරයාට අනියම් ලෙස තර්ජන සහ බලපෑම් සිදු කිරීම තරයේ හෙලා දකින බව එයින් වැඩිදුරටත් දක්වා සිටිනවා.

කෙසේ නමුත් හදිසි වැටලීම් අංශය මඟින් අංක MH/FS/PI/15/2023/A-143/301 දරණ 2023. 08. 14 දිනැති හා 2023. 08. 23 දිනැති ලිපි මඟින් මූලික විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු කරමින් පවතින බවත්, ඊට අමතරව, 2022. 01. 18 දින පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපතිවරයා විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලන ලද ඉල්ලීමකට අදාළව සිදු කරන ලද මූලික විමර්ශනයකට අදාලව අංක CF/DPE/2023/14 දරණ 2023. 06. 14 දිනැතිව නිකුත් කරන ලද අසාධාරණ චෝදනා පත්‍රයක් භාවිතයට ගනිමින්, බලමණ්ඩලය විසින් ඉල්ලා තිබූ විමර්ශන වෙනුවට, විමර්ශනය ඉල්ලූ සංගමයේ සභාපතිවරයාට එරෙහිව විමර්ශන කටයුතු අරඹා ඇති බවයි පැවසෙන්නේ.

වෘත්තීය සමිති බලමණ්ඩලයක් ලෙස විනය කටයුතු සඳහා බාධා කිරීම ප්‍රතිපත්තිය නොවන නමුත්, උක්ත විමර්ශන ද්විත්වය සාමාන්‍ය විමර්ශන භාවිතාවන්ගෙන් ඔබ්බට යමින් වෘත්තීය සමිති නායකයින් මර්දනයක් ලෙස ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබෙන බැවින්, අදාළ අසාධාරණ විමර්ශන කටයුතු අත්හිටුවන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.

එසේම මෙම අර්බුධකාරී වාතාවරණය තුළ සිදු කරමින් පවතින මෙවන් අනවශ්‍ය මැදිහත්වීම් හරහා ඇතිවන නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඇති වීම නොවැළැක්විය හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: