hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 30, ප.ව. 8:19



බන්ධනාගාර ගතවූ අවස්ථාවේ දී “ජරා ගෑනු ඉන්න වාට්ටුවකට දමිතා දාන්න” යනුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ ප්‍රධාන ජෙලර්වරියකට ඉහළින් නියෝග ලැබී තිබූ බවට ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය පසුගියදා සිදුකළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව අදාල චෝදනාව අසත්‍ය බවට තහවුරු වූ බවයි.

තමාට ඉහළින් එලෙස බලපෑමක් නොලැබුණ බවයි වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ ප්‍රධාන ජේලර්වරිය, බන්ධනාගාර අධිකාරීවරයා විසින් සිදුකළ විමර්ශනයේදී ප්‍රකාශ කර ඇත්තේ

ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් දමිතා අබේරත්න මහත්මියගේ එම චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: