2025 සැප්‍තැම්‍බර් 05, ප.ව. 6:17
බදුල්ල රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසන්නේ ඊයේ (4) රාත්‍රියේ සිදුවු ඇල්ල වැල්ලවාය බස්රථ අනතුරින් තුවාල ලැබූවන් අතර සිටින තවත් 10 දෙනෙකුගේ තත්ත්වය ඉතා බරපතල බවත් තුවාල ලැබූවන්ගෙන් බහුතරයක් අත් පා අහිමි වී ඇති බවත් ය.
කෙසේවෙතත් තුවාල ලැබුවන් අතර කුඩා දරුවන් 8 දෙනෙක් සිටින අතර ඔවුන්ගේ තත්ත්වයවන් බරපතල නොවන බව වෛද්‍ය පාලිත රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
සුන්බුන් අතර තවත් මළ සිරුරු තිබෙනු ඇතැයි සැක පළ කරන බවද වෛද්‍යවරයා පැවසීය.
අනතුරෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබෙන අතර තුවාල ලැබූ සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් තිබේ.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:13