2026 මැයි 22, ප.ව. 5:48
තමන්ගේ අමාත්‍ය මණ්ඩලය හෝ මන්ත්‍රීවරුන් කිසිවෙකු මහජන මුදල් සතයක් හෝ හොරකම් කිරීමට හෝ නාස්ති කිරීමට ඉඩ නොතබන බවත්, යම් හෙයකින් එවැනි වංචාවක් සිදුකරන අයෙකු සිටියහොත් ඔහුට වත්මන් රජය තුළ රැඳී සිටීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (22) පෙරවරුවේ නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමේ නිල උත්සවයට එක්වෙමින්.
එහිදී ජනාධිපතිවරයා, රටටම විවෘත සහතිකයක් ලබා දෙමින් කියා සිටියේ වංචා, දූෂණ හා නාස්තිය සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහා ජනතාව වත්මන් රජයට පැහැදිලි ජනවරමක් ලබා දී ඇති බවයි.
දේශපාලන අධිකාරියෙන් හොරකම මේ වන විටත් මුළුමනින්ම ඉවත් කර ඇති බවත්, ඉන් කලබලයට පත්ව සිටින පිරිස් වත්මන් රජයට එරෙහිව පදනම් විරහිත බොරු චෝදනා එල්ල කරමින් සිටින බවත් ජනාධිපතිවරයා පවසනවා.
පසුගිය කාලසීමාව තුළ සිදුවූ මහා පරිමාණ දූෂණ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ රැසක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීම ජනවරමේ ප්‍රධාන වගකීමක් බවත් ජනාධිපතිවරයා සිහිපත් කළා.
නීතිය ඉදිරියේ ධනය, බලය හෝ තරාතිරම නොබලා ඕනෑම අයෙකු සමාන විය යුතු බව පවසමින් ජනාධිපතිවරයා කියා සිටියේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට හිටපු ජනාධිපතිවරුන් පවා අල්ලස් කොමිසමට සහ අධිකරණයට කැඳවීමට වත්මන් රජය යටතේ පියවර ගෙන ඇති බවයි.
නීතිය ක්‍රියාත්මක වන විට ඇතැම් පාර්ශව කලබල වී ඇති බව නිරීක්ෂණය වන බවත්, බස්වලින් සෙනඟ කැඳවා පාරවල්වල කෑගැසීම් සිදුකළ ද, දූෂිතයන්ට එරෙහිව ගත් නීතිමය තීන්දු කිසිසේත්ම ආපසු හරවන්නේ නැති බවත් ඔහු කියා සිටියා.
2026 මැයි 22, ප.ව. 3:25
2026 මැයි 22, ප.ව. 2:04
2026 මැයි 22, පෙ.ව. 11:55
2026 මැයි 22, පෙ.ව. 11:52
2026 මැයි 22, පෙ.ව. 11:49
22-05-26
22-05-26
22-05-26
22-05-26
22-05-26
22-05-26
22-05-26
22-05-26
22-05-26
22-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
19-05-26
19-05-26