2025 මාර්තු 20, පෙ.ව. 12:09
කිසිදු බලපෑමකට යටත් නොවී තම රාජකාරිය ඉටු කරන ලෙස දකුණු පළාත් උසස් පොලිස් නිලධාරීන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ සඳහා දේශපාලන අධිකාරිය ලෙස පහසුකම් සැපයීමට තම රජය කටයුතු කරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
දකුණු පළාතේ පොලිස් ප්‍රධානීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර තිබෙනවා.
රටේ මූලික නීතියට සියලුදෙනා යටත් විය යුතු බවත් එම නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකිම පොලිස් දෙපාර්තමේන්තුවට පැවරෙන බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.
සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සම්බන්ධ වාර්තා පිළිබඳ දකුණු පළාතේ උසස් පොලිස් නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබූ අතර අපරාධ මර්දනයට අදාළව ගත හැකි සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට දැනුම්දී තිබෙනවා.
බලපෑම්වලින් තොරව පුරවැසියාගේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන ලෙසයි ජනාධිපතිවරයා අදාළ සාකච්ඡාවේදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.
2025 මාර්තු 20, පෙ.ව. 12:27
2025 මාර්තු 20, පෙ.ව. 12:17
2025 මාර්තු 20, පෙ.ව. 12:15
2025 මාර්තු 20, පෙ.ව. 12:13
2025 මාර්තු 20, පෙ.ව. 12:09
20-03-25
20-03-25
20-03-25
20-03-25
20-03-25
20-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
18-03-25
18-03-25
18-03-25
18-03-25
18-03-25
18-03-25
18-03-25
18-03-25
17-03-25
17-03-25