hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 මාර්තු 18, පෙ.ව. 12:03



එළඹෙන අප්‍රේල් මාසයේ පළමු සති දෙක තුළ දැනට පවතින උෂ්ණත්වයට වඩා තවදුරටත් වැඩි උෂ්ණත්ව තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ. කරුණානායක සදහන් කරයි.

අප්‍රේල් මාසයේ මුලදී සූර්යා සමකයෙහි මුදුන් ගත වීම ඊට හේතුව බවත් අප්‍රේල් මස මැද භාගයේදී ඇතිවන බක්මහ අකුණු සහ බක්මහ වැසි සමග පරිසරයේ අධික උෂ්ණත්වය පහව යනු ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

මාර්තු මස (22) න් පසුව සවස් කාලයේදී හෝ රාත්‍රීයේදී සුළු වැසි තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති නමුත් එය සැලකිය යුතු තරමේ වර්ෂාපතනයක් නොවන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: