hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 20, ප.ව. 2:07



මෙවර ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලද පරාජය හේතුවෙන් විශාල පිරිසක් කණ්ඩායමට නොසෑහෙන්න බනින බවත් නමුත් තණතිල්ල හදපු පිරිසට දොස් නොකියන බවත් හිටපු ක්‍රිකට් නායක සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා පවසනවා.

රණතුංග මහතා මේ අදහස් පළ කළේ මාධ්‍යවේදී සරත් ජයසිංහ මහතා විසින් රචනා කරන ලද සුපිරි ක්‍රීඩකයන්ගේ සුපිරි ඉනිම් කෘතිය එළිදැක්වීමේ අවස්ථාවේදීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අර්ජුන රණතුංග මහතා,

‘කවදාවත් ක්‍රීඩාපිටිය හදපු අයට මුදල් දීලා නෑ මේ වගේ ගානක්. තරගයේ වීරයා වූ ක්‍රීඩකයාත් සල්ලි දුන්නා. මම නම් කැමතියි හොරකම් කරන්නැතුව මේ සල්ලි මේවගේ කාටහරි දෙනවනම්. නමුත් ‍ප්‍රශ්නය මම මාධ්‍ය වෙත යොමු කරනවා. කවුරුත් මේ ගැන කතා කළේ නෑ. ක්‍රීඩාවේ නීති වෙනස් කළා. කිසිම මාධ්‍යයක් කතා කළේ නැහැ ඒ ගැන. මාධ්‍ය තමයි ක්‍රීඩාව ගමට ගෙනියන්නේ. හැබැයි අද සමහරක් මාධ්‍ය තමන්ට ලැබෙන වාසි ප්‍රයෝජන නිසා වැරදි කරන පුද්ගලයන්ව වහන්න මාධ්‍ය කටයුතු කළා. මේ රටේ ක්‍රීඩාව විනාශ කරන පුද්ගලයන්ව ආරක්ෂා කරන්නේ මාධ්‍ය. ඇයි ඒ? මාධ්‍යයට ලැබෙන වාසි ප්‍රයෝජන නිසා. නැත්නම් මාධ්‍යයට ලැබෙන සල්ලි නිසා. අපි මාධ්‍යයෙන් එහෙම දෙයක් බලාපොරොත්තුවෙන්නේ නැහැ. මට හරි සතුටු දවසක්. මොකද ක්‍රිකට් විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මෙය මෝය කටින් පොල්ලෙල්ලක් ගියා විතරක් වෙන්න පුළුවන්. නමුත් වැරදි හා දූෂණ හොයන්න ඕනෑ.’ යනුවෙන් පවසා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: