2024 මැයි 05, ප.ව. 12:26
නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටි හමුදා සාමාජිකයින් 9,000කට අධික පිරිසක් සති දෙකක් තුළ පොදු සමාව යටතේ සේවයෙන් ඉවත්කළ බව යුද හමුදා මූලස්ථානය පවසනවා.
අප්‍රේල් මස 20 වනදා සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින නිලධාරීන් හා සෙසු නිලයන් හට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබුණා.
ඒ අනුව, යුද හමුදා මූලස්ථානය සඳහන් කරන්නේ, එම පොදු සමා කාලය තුළ මේ වනවිට යුද හමුදා සාමාජිකයින් 9,770 දෙනෙකු සේවයෙන් ඉවත් වී ඇති බවයි.
යුද හමුදා සාමාජිකයින් 9,735 දෙනෙකු ඔවුන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානවලින් තාවකාලිව ඉවත් කිරීම සිදුකර ඇති බවද වාර්තාවනවා.
ඊට අමතරව නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර දැනට විදෙස්ගතව සිටින යුද හමුදා සාමාජිකයින් 35 දෙනෙකු ද යුද හමුදා සේවයෙන් නිත්‍යානුකූලව ඉවත්කිරීම සඳහා කටයුතු කර ඇති බවයි, යුද හමුදා මූලස්ථානය සඳහන් කළේ.
මෙම පොදු සමා කාලය මැයි මස 20 වනදා දක්වා ක්‍රියාත්මක වනවා.
2025 අප්‍රේල් 19, ප.ව. 12:09
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:24
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:21
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:19
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:07
19-04-25
19-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
15-04-25
15-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
11-04-25
11-04-25
10-04-25
10-04-25
09-04-25
09-04-25
09-04-25
09-04-25
08-04-25
08-04-25