hit counter

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

2025 පෙබරවාරි 22, ප.ව. 12:43



අවි පුහුණුව ලබා හමුදාවෙන් නීත්‍යානුකූල නොවන ආකාරයට සේවය හැර යන පුද්ගලයින් බොහෝ දෙනා පාතාල ක්‍රියකාරීන් සමඟ සම්බන්ධ වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බව නිරීක්ෂණය වී ඇතැයි, ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසනවා.

රටේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එවැනි පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සඳහා මීට කෙටි කාලයකට පෙර විධානයක් ලබා දුන් බවද ආරක්‍ෂක ලේකම්වරයා පවසා සිටියා.

ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ, එලෙස කෙටි කලක් තුළ අවි පුහුණුව ලබා හමුදාවෙන් පළා ගිය තැනැත්තන් අත් අඩංගුවට ගැනීමට හමුදා පොලීසියට සහ පොලීසියට අවශ්‍ය හැකියාව පවතින බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: