hit counter

2026 ජූලි මස 07 වන අඟහරුවාදා

2026 ජූලි 07, ප.ව. 12:30



මීගමුව  බන්ධනාගාර ගැටුමට මුලික වූ රැඳවියන් අතට ආයුධ ලැබී තිබී ඇති අතර, ඔවුන් යකඩ ගේට්ටුව කඩාගෙන ඉන් පිටතට පැමිණ තිබූ බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවට හෙළි කළේය.

ගැටුම කිසිදු අවස්ථාවක රජය ලෙස අවතක්සේරු කර නොමැති බව සඳහන් කර සිටි අමාත්‍යවරයා,  බන්ධනාගාරය තුළට නාකොටික් සහ අනීතික දේවල් ඒමට තියෙන යාන්ත්‍රණය කඩාකප්පල් කිරීම ගැටුමට සම්බන්ධ වූ පිරිසේ අරමුණ වී තිබුණු බවද කියා සිටියේය.

ප්‍රහාරයට ලක්ව ඇත්තේ නිරායුධ නිලධාරීන් දෙදෙනෙකු බවත් ඔවුන්ව බේරාගැනීමට අනිකුත් නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇති බවද අමාත්‍යවරයා, බහුතරයක් නිලධාරීන් ගඩොල් සහ පොලුවලින් අමානුෂික ලෙස පහරකෑමට ලක්ව මියගොස් ඇති බවද සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: