hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 මැයි 31, පෙ.ව. 12:02



අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීම සම්බන්දයෙන් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් වෙත රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දරිද්‍රතාවය නිවැරදිව හඳුනාගැනීම සඳහා, පරීක්ෂා කර බලා තීරණය කළ හැකි නිර්ණායක වලට මූලිකත්වය ලබා දී කටයුතු කරන ලෙසයි.

එහිදී උදාහරණ දක්වමින් කාරක සභාව පෙන්වා දී ඇත්තේ නිවෙස් වල පරිභෝජනය කල විදුලි එකක ප්‍රමාණය මත විදුලි බිල්පත මගින් වඩාත් හොඳින් පුද්ගල දරිද්‍රතාවය හඳුනා ගත හැකි බවයි.

ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ, මේ වනවිට අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී භාවිත කරන නිර්ණායකවල විශාල ගැටලු පවතින බව සහ විධිමත් බවක් නොමැති බවයි.

ඒ, අනුව ඒවා හැකි ඉක්මණින් නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසටද ඔවුන් උපදස් ලබාදී ඇත.

එමෙන්ම එහිදී මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පවසා ඇත්‌තේ අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දැනට භාවිත කරන ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ද ඉදිරියේ දී වෙනස් කිරීමට කටයුතු කරන බවයි.

පසුගියදා (28) වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ගේ සභාපතීත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී මෙම නිර්දේශ ලබා දී තිබෙනවා.

මෙදින කාරක සභාව හමුවේ 2002 අංක 24 දරන සුබසාධන ප්‍රතිලාභ පනතේ 27 වැනි වගන්තිය යටතේ 2024.04.29 දිනැති අංක 2382/02 අතිවිශේෂ ගැසට් පත්‍රයේ පලකළ රෙගුලාසි සංශෝධනය සලකාබැලීමද සිදුවිය.

මේ අතර අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී අවශ්‍ය දත්ත ලබාගැනීමේ සිට සමස්ත ක්‍රියාවලියම ඉලෙක්ට්‍රෝනික ක්‍රමවේදයට පමණක් සිදුකරන ලෙසටද එම කාරක සභාව නිර්දේශය කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: