hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්‍තු 16, පෙ.ව. 12:21



වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම රජයට අභියෝගයක් වී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය අඛණ්ඩව මැදිහත්වීම් සිදුකරමින් සිටින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙම අදහස් පළ කළේ නානුඔය දුම්රිය ස්ථානයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේ වෙතත් පොරොන්දු වූ ලෙසම වතුකම්කරුවන්ගේ වැටුප නිසැක ලෙසම ඉහළ නංවන බවද පැවසූ ඔහු වතු කම්කරුවන්ට දැනට ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බවද කියා සිටියේය.

ඉදිරි මාස කීපයේදී මෙම ගැටළු විසඳගැනීමට හැකිවේ යයි විශ්වාස කරන බවත් ඒ මහතා පැවසුවේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: