2024 ජූලි 15, පෙ.ව. 12:02
දිවයිනේ ඇතැම් රෙජිස්ට්‍රාර්වරුන් උප්පැන්න, විවාහ සහ මරණ ලියාපදිංචි කිරීමෙන් පසු එක් පිටපතක් අදාළ දෙමාපියන්ට, විවාහක යුවළට සහ භාරකරුවන්ට නිකුත් කළද, එහි අනෙකුත් පිටපත් මධ්‍යම ලේඛනාගාරයට සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යොමුකර නැතැයි අනාවරණය වී තිබෙනවා.
මේ නිසා ඇතැමුන් උප්පැන්න, විවාහ, මරණ පිටපත් ලබා ගැනීමට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හෝ මාලිගාවත්ත පිහිටි මධ්‍යම ලේඛනාගාරයට ගියද, එම පිටපත් එහි නොතිබීම නිසා ගැටලු සහගත තත්ත්වයක් උද්ගතව ඇත.
ඇතැම් රෙජිස්ට්‍රාර්වරුන් උප්පැන්න, විවාහ, මරණ ලියාපදිංචිය සිදු කළද අදාළ පොතේ එම තොරතුරු පිටපත් කිරීමට කටයුතු නොකිරීම නිසා මෙම ගැටලුකාරී තත්ත්වය උද්ගතව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්ලිව්.ආර්.ඒ.එන්.එස්.විජේසිංහගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ දිවයින පුරා උප්පැන්න, විවාහ, මරණ රෙජිස්ට්‍රාර්වරුන් හාරසිය ගණනක් සිටින බවත්, මෙවැනි සිදුවීමක් යම් ස්ථානයක සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට හැකියාව පවතින බවයි
2025 පෙබරවාරි 05, ප.ව. 4:24
2025 පෙබරවාරි 05, ප.ව. 2:31
2025 පෙබරවාරි 05, ප.ව. 2:16
2025 පෙබරවාරි 05, ප.ව. 1:25
2025 පෙබරවාරි 05, පෙ.ව. 10:15
04-02-25
04-02-25
02-02-25
02-02-25
01-02-25
01-02-25
31-01-25
31-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25
25-01-25
25-01-25
25-01-25
25-01-25
24-01-25
24-01-25
21-01-25
21-01-25
19-01-25
19-01-25