hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 1:10



රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කැඳවුම්කරු වෛද්‍ය මහේන්ද්‍ර බණ්ඩාර මහතා පවසන්නේ රත්නපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු පස්දෙනෙකු, බලංගොඩ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක්, ඇඹිලිපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් සහ කහවත්ත රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු ඇතුළු විශේෂඥ වෛද්‍යවරු 10දෙනෙක් විදේශගත වීම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල්වල කටයුතු අඩාළ වී ඇති බවයි.

ඔහු විසින් මේ බව පවසා සිටියේ රත්නපුර ශික්ෂණ රෝහලේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.

ඒ මහතා තවදුරටත් පවසන්නේ මීට අමතරව තවත් විශේෂඥ වෛද්‍යවරු පිරිසක් සහ ශ්‍රේණි වෛද්‍යවරු පිරිසක් විදෙස්ගතවීමට සූදානම්ව සිටින බැවින් මෙම අර්බුදය තවදුරටත් උග්‍ර විය හැකි බවයි.

මේ වන විට රත්නපුර රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ කටයුතු අඩාල වී ඇති බවත්, එම රෝහලේ මේ වන විට ළමා හෘදය රෝග සායනයේ ප්‍රතිකාර කටයුතු නැවතී තිබෙන බවත්, ඖෂධ හිඟය සහ ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.

මෙම තත්ත්වයට මූලික ම හේතුව වී තිබෙන්නේ රටේ ආර්ථික ගැටලු බවයි වෛද්‍ය බණ්ඩාර මහතා පවසන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: