2023 නොවැම්බර් 13, ප.ව. 12:08
UPDATE
01:59 PM: පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9:30 දක්වා කල් තබයි.
01:58 PM: අයවැය ඉදිරිපත් කිරීමට පැය දෙකක් ගත කළා.ආර්ථික සමාජ විප්ලවයක් අප කරනවා. ඒ ගමනට එකතු වන්න.
01:58 PM: ඊළඟ පරපුරට අප ලබා දිය යුත්තේ හිඟන උරුමයක් උරුමයක්ද සාඩම්බර හිමිකමක් ද රට ගොඩනගන වැඩපිළිවෙළට එකතු වෙන ලෙස විපක්ෂයේ සියලු දෙනාගෙන් බලා සිටිනවා අපට වඩා හොඳ වැඩපිළිවෙළක් තිබෙනවා නම් එය මේ සභාවට ඉදිරිපත් කරන්න.
01:58 PM: ලංකාව ලෙබනනයක් කරන්න ඕනෙද කියා මා විපක්ෂයෙන් අහනවා.
01:58 PM: විදේශ විනිමය හිඟවීමත් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වෙනවා.බඩුමිල සහ උද්ධමනය හිතාගන්න බැරි තරම් වැඩි වේවි.මූල්‍ය අරමුදල වැඩසටහන අනුමත වූ දා සිට ලැබෙන විදේශ මූල්‍ය හා ආධාර නතර නතර වෙනවා එහෙම වුනොත් නැවත අප ආර්ථික අගාධයට නිසා ලිස්සා ඇද වැටෙනවා.ආපහු එහෙම වුනොත් ශ්‍රී ලංකාව බේරා ගැනීමට ලෝකයේ කිසිම කෙනෙක් ඉදිරිපත් වන්නේ නැහැ. ඔබ යෝජනා කරන්නේ ඒක ද
01:57 PM: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතිසංස්කරණ ප්රතිසංස්කරන වැඩසටහන නැති වෙනවා නැතිවෙනවා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන නතර වෙනවා.
01:57 PM: අප අනුගමනය කරන පිළිවෙත නවතා දැමූ සිදුවන්නේ කුමක්ද.
01:57 PM: ක්‍රමානුකූලව විද්‍යාත්මකව ප්‍රශ්නවලට විසඳිය යුතුයි සුරංගනා ලෝක මැවීමෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.
01:57 PM: ප්‍රශ්න ගණනාවක් මැද්දේ වුවත් අනාගතය ශක්තිමත් කරන අය වැයක් අපට ඉදිරිපත් කරන්න හැකිවුණා.
01:57 PM: ලඟදීම දේශගුණ විපර්යාස කොමිසමක් ස්ථාපිත කරනවා.
01:56 PM: අනාගතයට ශක්තිමත්ව මුහුණදීමට නම් හරිත ආර්ථිකයක් ස්ථාපිත කළ යුතුයි. ේශගුණ විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීම සඳහා කොත්මලේ ජලාශයට ඉහළින් අක්කර 600 ක් වෙන් කර තිබෙනවා.
01:43 PM: ශ්‍රී ලංකා රේගු නීති නවීකරණය කිරීමට පියවර ගන්නවා.
01:43 PM: ඉන්දියාව සමඟ ආර්ථික තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක්
01:42 PM: රාජ්‍ය මූල්‍ය කළමනාකරණය යහපාලන මූලධර්ම වැඩි දියුණු කිරීම සඳහා නව නීති ගෙන එනවා.එමෙන්ම ආර්ථික සංවර්ධනය සඳහා ඉඩම් උපරිම අයුරින් ප්‍රයෝජනයට ගැනීමට නව නීති සම්පාදනය කරනවා.
01:36 PM: ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3900 සිට රුපියල් බිලියන 7350 දක්වා වැඩි කරනවා.
01:35 PM: රාජ්‍ය බැංකු දෙකේ කොටස් වලින් සියයට විස්සක් උපාය මාර්ගික ආයෝජකයන්ට හෝ ජනතාවට ලබා දෙනවා.
01:35 PM: ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය 2032 වනවිට සියයට 95 ක් දක්වා අඩු කිරීම අපේක්ෂාවයි.
01:35 PM: ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ පූර්ණ ධාරිතාවක් අත්කර ගැනීම සඳහා මාස තුනක විශේෂ සැලැස්මක්.
01:29 PM: මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩකටයුතු චීනය සමඟ එක්ව ආරම්භ කරනවා.
01:28 PM: ජනසභා ලේකම් කාර්යාල පිහිටුවීම වෙනුවෙන් රුපියල් මිලියන 700 ක් වෙන් කෙරේ.
01:28 PM: ජනවාරි 1 වැනිදා සිට මහ නගර සභා වලට වැටුප් ගෙවීම සඳහා සියයට අසූවක මූල්‍යනය ක් ලබා දෙනවා.
01:28 PM: මධ්‍යම අධිවේගී මාර්ගය කටුගස්තොට දක්වා ඉදි කිරීමට හැකියාව තිබේ දැයි සලකා බලනවා.
01:28 PM: හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටුපළ මූලික කටයුතු සඳහා රුපියල් බිලියන දෙකක් වෙන් කරනවා.
01:27 PM: 2025 වසරේ සිට පළාත් සභා ආදායමෙන් සියයට පනහක් පමණ පුනරාවර්තන වියදම් ලෙස යොදවා අමතර ආදායම් ප්‍රාග්ධන වියදම් ලෙස යෙදවීමට යෝජනා කරනවා.
01:23 PM: පිටකොටුව ගාල්ල මාතර අනුරාධපුර යාපනය වැනි මහා නගර ආශ්‍රිතව දුම්රිය ස්ථානය නගර ඉදිකිරීම සඳහා දෙස් විදෙස් ආයෝජන කැඳවීමට යෝජනා.
01:22 PM: අයවැය අරමුණු වෙනුවෙන් වියදම් කරන්න මුදල් වෙනුවෙන් පාර්ලිමේන්තුව ද වගකිව යුතුයි.
පළාත් සභා වලින්එකතු වන ආදායම් පළාතේ අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා ද යෙදවිය යුතුයි.
01:22 PM: රාජ්‍ය අයවැය ක්‍රියාත්මක කිරීමේදී දැඩි මූල්‍ය විනය ක්‍රියාත්මක කළ යුතුයි.
01:20 PM: ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අර්බුදයකට මුහුණ දී තිබෙනවා.පාසල් සහ පළාත් ටිකට් ක්‍රීඩාව ගොඩනැගීම සඳහා සඳහා බිලියන 1.5 ක් වෙන් කරනවා.අඩුපාඩු ඇති පළාත් සහ පාසල් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනවා.
01:20 PM: මහනුවර බෞද්ධ ශිෂ්ටාචාර කෞතුකාගාරය සඳහා ඉදිරි වසර සඳහා මිලියන දෙසීයක් යොදවනවා.
01:19 PM: බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කරනවා
01:18 PM: අනුරාධපුර මහා විහාර විශ්වවිද්‍යාලය ලොව පුරා බුදුදහම ව්‍යාප්ත කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළා.ඒ කරුණු සලකා බලමින් මහා මහා විහාර විශ්ව විද්‍යාලයක් ඉදිකිරීමට යෝජනා කළා.එහි මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 450 ක් වෙන් කරනවා.
01:17 PM: අතුරුදන් වූවන් වෙනුවෙන් වන්දි ගෙවීම කඩිනම් කිරීම සඳහා තවත් රුපියල් මිලියන දාහක් වෙන් කරනවා.
01:17 PM: පහල මල්වතු ඔය ව්‍යාපෘතිය සඳහා තවත් මිලියන 2500 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.
01:15 PM: පූනරින් නගරය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 500 ක් ලබා දෙනවා.
01:15 PM: යාපනයේ ජල ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සඳහා මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 250ක් ලබා දෙනවා.
01:15 PM: උතුරු නැගෙනහිර පළාත් වල අභ්‍යන්තර ගැටුම් නිමා වී දත් තවමත් නැවත පදිංචි නොකළ තැන් තිබෙනවා ඒ සඳහා මෙවර රුපියල් මිලියන දෙදාහක් වෙන් කරනවා.
01:14 PM: ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ නීති හඳුන්වා දීමට කටයුතු කරනවා. කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ද නීති හඳුන්වා දෙනවා.
01:10 PM: කොළඹ වතු ජනතාවගේ ජීවන තත්වය වැඩි කිරීම සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.එම වතු ඉඩම් වල නිවාස සංකීර්ණ සහ වෙළඳ වෙළෙඳ සංකීර්ණ වෙළඳ සංකීර්ණය ඉදිකිරීමට කටයුතු කරනවා.ඉදිකිරීම් සමාගම් සමාගම්වලට ඉඩම ලබා දෙන අතර එම ඉඩම් වල නැට්ට පදිංචිකරුවන්ට එම නිවාස සංකීර්ණ වලින් ඉඩම් ලබා දිය යුතු වෙනවා.
01:10 PM: කිරි ගොවි නිෂ්පාදනය ලාභ ලබන තත්ත්වයට ගෙන එ්මට කටයුතු කරනවා. ඒ සඳහා ප්රතිමූල්ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. දෛනික කිරි නිෂ්පාදනය දිනකට ලීටර් මිලියන විස්සක් බවට පත් පත් කිරීම අපගේ අරමුණයි.
01:07 PM: මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන දෙසීයක් වෙන් කරනවා.
01:07 PM: මහා පරිමාණයේ කෘෂිකාර්මික කටයුතු සඳහා අක්කර ලක්ෂ තුනක් වෙන් කරනවා.
01:06 PM: කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය බෝග විවිධාංගීකරණය සඳහා අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා. වී නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කරනවා. එ් සඳහා රුපියල් මිලියන 2500 ක් වෙන් කරනවා.
01:03 PM: සංචාරකයන් සඳහා දේශීය හා ආයුර්වේද සත්කාර ලබා ලබාදීම සඳහා හෝටල්වල දේශීය ආයුර්වේද ආයුරුවේද සත්කාර මධ්‍යස්ථාන පිහිටුවීමට රුපියල් මිලියන සීයක් වෙන් කරනවා.
01:03 PM: බදුල්ලට හෘද සහ පෙනහලු. පුනර්ජීවන ඒකකයක් ලබා දෙනවා.ඒ සඳහා රුපියල් මිලියන තුන්සියයක් වෙන් කරනවා.
01:02 PM: ලංකාවේ වෛද්‍ය පර්යේෂණ සෙසු රටවල මට්ටමට ගෙන ඒම සඳහා කටයුතු කරනවා.එහි මුල් අදියර සඳහා රුපියල් මිලියන 75 ක් වෙන් කරනවා පසුව තවත් වෙන් කරනවා.
01:02 PM: ඖෂධ ප්‍රසම්පාදනය සඳහා මාර්ගෝපදේශ සැකසීම සඳහා වෙනම ආයතනයක් පිහිටුවනවා.
01:02 PM: සුරක්ෂා රක්ෂණ ක්‍රමය නැවත හඳුන්වා දීමට කටයුතු කරනවා.ඒ අනුව සියලු සිසු දරු දැරියන් සඳහා එම පහසුකම ලැබෙනවා.
01:02 PM: ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ලබාදීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කර තිබෙනවා.
01:02 PM: විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලබන තරුණ තරුණියන් සඳහා දෙස් විදෙස් රැකියා ලබා ලබා ගැනීමට අවස්ථාව ලබාගැනීමට අවස්ථාව සැකසිය යුතුය.මේ සඳහා වන පුහුණු පාඨමාලා සඳහා ශ්‍රී ලංකා පදනමට රුපියල් මිලියන 150 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.
01:02 PM: ජාතික උසස් අධ්‍යාපන කොමිසමක් ස්ථාපිත කරනවා.තීන්දු තීරණ ගැනීමේ හා නියාමන බලතල ඊට ලබා දෙනවා.
01:01 PM: පොලී රහිත ශිෂ්‍ය ණය ක්‍රමයට අමතරව වාණිජ බැංකු හරහා ණය ක්‍රමයක් යෝජනා කරනවා රැකියාවක් ලබා ගත් පසු ඒ ණය ආපසු ගෙවීමට හැකියාවක් ලබා ලබා දෙනවා.
01:01 PM: රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නියාමනය සඳහා බලවත් නීති සම්පාදනය කිරීමෙන් පසු ලංකාවේ එම විශ්වවිද්‍යාල විශ්ව විද්‍යාල පිහිටුවීමට අවසර දෙනවා.
01:01 PM: නව යුගයට ගැලපෙන පරිදි රාජ්‍ය විශ්වවිද්‍යාල දියුණු කරනවා.පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මේ වැඩපිළිවෙළ ආරම්භ කරනවා.ඒ වෙනුවෙන් ලබන වසර වෙනුවෙන් රුපියල් මිලියන 500ක් වෙන් කරනවා.
12:54 PM: නව විශ්ව විද්‍යාල විශ්ව විද්‍යාල හතරක් පිහිටුවීමට පියවර ගන්නවා. ඉදිරියේදී පළාත් සභා මගින් ද විශ්වවිද්‍යාල ඇත අප ඇතැයි අප බලාපොරොත්තු බලාපොරොත්තු වෙනවා ඊළඟ වසර දෙක තුනේදී විශ්ව විද්‍යාල ගණන දෙගුණයකින් තුන් ගුණයකින් වැඩි වැඩි කිරීම අපේ අරමුණයි.
12:52 PM: පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරනවා.
12:50 PM: ස්වභාවික විපත් නිසා හානියට පත් පාලම්, මාර්ග නඩත්තු කිරීම සඳහා රුපියල් බිලියන දෙකක් වෙන් කරනවා.
12:49 PM: පසුගිය වසර කීපය ග්‍රාමීය මාර්ග නිසි ලෙස නඩත්තු වුනේ නැහැ.අබලන් ග්‍රාමීය මාර්ග නඩත්තු කිරීම සඳහා රුපියල් බිලියන දහයක් වෙන් කරනවා.
12:48 PM: කඳුකර ප්‍රදේශ වල පොදු පහසුකම් නංවාලීම සඳහා රුපියල් බිලියන දහයක් වෙන් කරනවා.
12:48 PM: ආර්ථික අර්බුදය සඳහා නවතා දැමූ ව්‍යාපෘති යළි යළි ඇරඹීම සඳහා බිලියන 55 ක අතිරේක ප්‍රතිපාදන යොදවනවා
12:48 PM: ආබාධ හා වකුගඩු රෝගීන් සඳහා වන දීමනාව රුපියල් පන්දාහේ සිට 7500 දක්වා ඉහළ දමනවා.
12:45 PM: බිම්සවිය වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 600 ක් වෙන් කරනවා.
12:44 PM: 2024 වසරේ දී පවුල් 50000කට පමණ කොළඹ නිවාස අයිතිය ලබා දෙනවා. ඉඩම් හා නිවාස අයිතිය පූර්ණ වශයෙන් ජනතාවට ලබා දෙයි මේ ක්‍රමය අනුව මෙරට ජනගහනයෙන් සියයට සියයට හැත්තෑවක් පමණ ඉඩම් සහ නිවාස අයිති කරුවන් බවට පත් වෙනවා.
12:43 PM: නාගරික නිවාස හිමිකම් අඩු ආදායම්ලාභීන් සඳහා කුලී පදනමට ලබා දී තිබෙනවා. මේ පවුල්වලින් කුලිය වලින් කුලිය අය කර ගැනීම සම්පූර්ණයෙන්ම නතර කරනවා එමෙන්ම මේ නිවාස වල පූර්ණ අයිතිය ඔවුන්ට ලබා දෙනවා.
12:41 PM: අපේ ගම්බිම් ගොවි ජනතාවගේ පුද්ගලික අයිතියට ලබා දෙනවා.පවුල් ලක්ෂ විස්සකට මේ මගින් ඉඩකඩම් ලැබෙනවා.මේ සඳහා බිලියන 2 ක මුදලක් වෙන් කරනවා.
12:39 PM: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය දැවැන්ත අර්බුදයකට ලක්ව තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ධෛර්ය ලබා දීමට ආසියා සංවර්ධන බැංකුවේ සහාය ලබාගෙන රුපියල් බිලියන 30ක ණය පහසුකම් ලබා දීමට කටයුතු කරනවා.
12:37 PM: වැඩිහිටි පුරවැසියන් සඳහා වන රුපියල් 2000 ක මාසික දීමනාව රුපියල් 3000 දක්වා වැඩි කරනවා.
12:37 PM: සමාජ ආරක්ෂණ සැලසුම් ලෙස අස්වැසුම වැඩසටහනට තුන්ගුණයකින් ප්‍රතිපාදන ඉහළ නංවනවා.
12:35 PM: සියලු රජයේ සේවකයන්ට පෙර පරිදිම ආපදා ණය ලබා දීමට කටයුතු කරනවා.
12:33 PM: වැන්දඹු හා අනත් දරු විශ්‍රාම වැටුපට දායකත්වය සඳහා වැටුපෙන් අඩු කරන ප්‍රතිශතය සියයට අටක් දක්වා වැඩි කරනවා.
12:32 PM: විශ්‍රාමිකයන් සඳහා ජීවන වියදම් දීමනාව 2500කින් වැඩි කරනවා.
12:30 PM: රජයේ සේවකයන් සඳහා 2015න් පසු වැටුප් වැඩිවීමක් ලැබී නැහැ.මේ නිසා රජයේ සේවකයන්ට සහනයක් ලබා දෙන්න යෝජනා කරනවා.2024 ජනවාරියේ සිට ජීවන වියදම් දීමනාව රුපියල් 10,000 කින් වැඩි කරනවා.
12:30 PM: අපට දේශපාලන අරමුණක් නැහැ අපට ඇති එකම අරමුණ රට ගොඩනැගීම පමණයි. මේ රටේ අනාගතය නිර්මාණය කරන අය වැයක්. මැතිවරණ ජයග්‍රහණයට වඩා මට වැදගත් වන්නේ රටේ ජයග්‍රහණයයි.ටම රටේ ජයග්‍රහණය සඳහා සකස් කළ අයවැයක්.
12:29 PM: ආර්ථිකය ප්‍රකුර්ති වෙද්දි වඩාත් වැඩි පහසුකම් ජනතාවට සපයන්න කැපවෙනවා.
12:28 PM: බින්දුවට වැටී තිබූ විදේශ විනිමය සංචිතය ඇමෙරිකා ඩොලර් මිලියන 3.5 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
12:28 PM: දැන් හිඟයකින් යුතුව අත්‍යවශ්‍ය භාණ්ඩ ගත හැකිව තිබෙනවා සියයට තිහක් දක්වා සියයට තිහක් දක්වා ඉහළ නැග තිබූ පොලිය සියයට 15ක් දක්වා පහත බැස තිබෙනවා.
12:27 PM: අප අලුත් දේශපාලන සහ ආර්ථික ගමනක් නිර්මාණය කර ගත්තේ නැතිනම් මෙතන මෙතැනින් එහාට ගමනක් නැහැ.එය සම්පූර්ණයෙන්ම කණපිට හැර හැර විය යුතුයි.සුගතපාල ද සිල්වා ම මරාසාද් නාට්‍ය යේ කියන ආකාරයට කොට්ට උරයක් සේ කණපිට හැර හැරවිය යුතුයි.
12:26 PM: රාජ්‍ය සම්පත් රැකගැනීම යනු ඒවාට අත නොතබනු යනුවෙන් පෙළපාලිය හැම නොවේ.ඒවායින් උපරිම ඵල ප්‍රයෝජන ලබා ලබා ගැනීමයි.
12:26 PM: රටේ අනාගත දියුණුව හොරකම් කරන්න එපා යැයි සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.හැම සංවර්ධන ව්‍යාපෘති වලට ම විරුද්ධ වන දේශපාලන කණ්ඩායම් ඉන්නවා.ඔවුන්ට අවශ්‍ය නුවරඑළිය තැපැල් කාර්යාලයක් කඩා වැටෙන තත්ත්වයට පත්කිරීමයි.මේ සියලු දේ කරන්නේ නුවරඑළියෙ පරිසරය සහ ගොඩනැගිලි ආරක්ෂා කිරීම සඳහායි.
12:25 PM: රටේ ධනය හා සම්පත් හොරකම් හොරකම් කර අය ගැන මෙන්ම රටේ අනාගතය සොරකම් කරපු අය ගැනත් සිතා බැලිය යුතුයි.
12:25 PM: පාඩු ලබන රාජ්‍ය විවසාය නිසා ජනතාව පීඩා විඳිනවා.ඒවා ජාතික සම්පත් කියමින් ඒවායේ බර ජනතාව මත පැටවෙන දේශපාලන කණ්ඩායම් කරන්නේ නැවත රට ආපස්සට ඇද දැමීම.
12:23 PM: රාජ්‍ය ආදායම ඉහළ ගත්තේ නැතිනම් නැවතත් අපි අපායකට ඇද වැටෙනවා.සරල සුන්දර පොරොන්දු වලින් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.
12:22 PM: රජයේ සේවකයන්ට හිතු මතේ පඩි වැඩි කරන්නට බැහැ.තවත් පඩි වැඩි කරන්න නම් රජයේ ආදායම් වැඩි කරන්න ඕන .නැතිනම් සල්ලි අච්චු ගහන්න ඕන අලුතින් බදු ගහන්න ඕන. නැතිනම් පිටරටකින් සල්ලි ගන්න ඕන.
12:22 PM: සමහර කණ්ඩායම් පඩි වැඩි කරන්න ගියා උද්ඝෝෂණ කරනවා මේ දිනවල මුළු රටටම අමාරුයි දුෂ්කර තත්ත්වයෙන් ගොඩ එන්න පියවරෙන් පියවර ඉදිරියට යා යුතුයි එය අසීරු
12:22 PM: රාජ්‍ය බැංකු ශක්තිමත් කිරීම සඳහා මුදල් යෙදවීමට ආණ්ඩුවට සිදු වී තිබෙනවා සිදුවී තිබෙනවා ඒ මුදල් ලබා ගැනීමට සිදුවන්නේ ද ජනතා බදු මුදල් වලින්.
12:21 PM: බලය ලබා ලබාගැනීමේ දේශපාලන අරමුණ මතින් සිහින මාලිගා හැදුවොත් රට නැවතත් බංකොලොත් වේවි.
12:20 PM: අප නිහතමානීව වැරදි නිවැරදි කරගන්නට උත්සාහ කරනවා. අධි උද්ධමනකාරී විනාශයෙන් රට ගලවා ගන්නට හැකි වී තිබෙනවා. බංකොලොත් රටක් යළි ප්‍රකෘති තත්ත්වයට ගැනීම දුෂ්කර කාර්යය කාර්යභාරයක්.
12:20 PM: පෙට්‍රල් ලීටරයකට මිනී මරා ගත් රට පෝලිම කින් තොරව පෙට්‍රල් ලබාගන්නවා.ඒ කියන්නේ අපේ උපාය මාර්ග සැලසුම් නිවැරදි අප අමාරුවෙන් උනත් වුනත් මේ ගමන ඉදිරියට යමු.
12:19 PM: දේශපාලන අරමුණු වෙනුවෙන් මිත්‍යාව පැතිරීම නවත්තමු එදාට වඩා සංසන්දනාත්මකව යහපත් තත්ත්වයකට රට ගෙන ඒමට අපට හැකිවී තිබෙනවා.
12:19 PM: පීලි පැන ඇද වැටී තිබූ ලංකාව නැවතත් පීළිගත කිරීමට අපට හැකි වී තිබෙනවා සුරංගනා කතා කිව්වට රටක් ඉදිරියට යන්නේ නැහැ.කාලයක් තිස්සේ දේශපාලන පක්ෂ ලබා දුන් ඡන්ද පොරොන්දු නිසා රට රට ආපස්සට ගියා.
12:18 PM: ආර්ථික අපා දුකින් ජනතාව බේරා ගන්නා බවට එහේ අවස්ථාවේ මා ප්‍රතිඥාවක් දුන්නා. මා පමණක් නොව රටේ ජනතාවක් කැපකිරීමක් කළා.
12:18 PM: සුපිරි වෙළෙඳසල් දරමිටි විකුණන්න පටන් ගත්තා අපට ඉතුරු වෙලා තිබුනේ රටක් නෙමෙයි අපායක්.අන්දරේ ගල ඉස්සුව වගේ විවිධ හේතු කියමින් රට බේරා ගැනීමේ අභියෝගයෙන් කර ඇරියා
12:17 PM: ණය ගත යුත්තේ ආයෝජන සඳහා මිස පරිභෝජනය සඳහා නොවන බව බුදුන්වහන්සේ ද පවසා තිබුණ නමුත් අප ණය ගත්තේ පරිභෝජනය සඳහාය.
12:17 PM: රාජ්‍ය විවසාය නඩත්තු කළේ ණය වෙලා එක්කෝ සල්ලි අච්චු වෙලා.සාටෝප උදාර ජීවිත ගය කරන්න අප ලෝකෙට ණය වුණා. ඒ නිසා රට බංකොලොත් රාජ්‍යයක් බවට පත් වුණා.
12:17 PM: වියදම් කළ යුත්තේ ආදායමට සරිලන අයුරින් බව බෞද්ධ දර්ශනය යි. නිදහසින් පසුව අප ඒ කාරණය අනුගමනය කළේ නැහැ.
12.16 PM: 78 වැනි අයවැය ලේඛන ඉදිරිපත් කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඇරැඹිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2024 අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම ඇරැඹීය.
12.16 PM: රාජ්‍ය බැංකු ශක්තිමත් කිරීම සඳහා මුදල් හිත වීමට ආණ්ඩුවට සිදු වී තිබෙනවා සිදුවී තිබෙනවා ඒ මුදල් ලබා ගැනීමට සිදුවන්නේ ද ජනතා බදු මුදල් වලින්.
2024 දෙසැම්බර් 21, ප.ව. 3:42
2024 දෙසැම්බර් 21, ප.ව. 2:05
2024 දෙසැම්බර් 21, ප.ව. 1:41
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:13
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:10
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24