hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:43



රාජ්‍ය අංශයේ සේවකයින්ට රුපියල් දාහක අවම දීමනාවක් ලබා දීමට ද ඇතැම් අංශ ද සේවකයින්ට වසර හැටකින් ඔබ්බට සේවා දිගු ලබාදීමට හැකිවන පරිදි ප්‍රතිපාදන සහ බදු ජාලය තවදුරටත් පුළුල් කිරීම සඳහා වන යෝජනා 2024 අයවැයට ඇතුළත් කරන බව මුදල් අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසනවා.

රාජ්‍ය අංශයේ සේවකයින්ගේ දීමනා අවම වශයෙන් රු 1000ක්, විශ්‍රාමිකයින් සදහා ඊට සමගාමී වැඩිවීමක් සමග ආදායම් බදු සැලකිය යුතු ලෙස ඉහළ දමා ඇති වෘත්තිකයන් සදහා ඉදිරි අයවැය තුළින් සහන සැලසීම මෙහි අරමුණ බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය අංශයේ සේවකයින්ගේ විශ්‍රාම වයස අවුරුදු හැටක් ලෙස පවතින අතර සෞඛ්‍ය අංශයේ අයට, ගුරුවරුන්ට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සහ තවත් වෘත්තීන් කිහිපයක සිටින අයට ඔවුන්ගේ සේවා වසර දෙක තුනකින් දීර්ඝ කර ගැනීමේ විකල්පය ලබාදීමට ද යෝජනා ඇතුළත් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: