2026 මැයි 19, පෙ.ව. 11:00
ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ගණන් සියයට විසිපහකින් පමණ පසුගිය මාස කිහිපය තුළ ඉහළ ගිය බව ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයේ සභාපති ඩරින්ටන් පෝල් මහතා පුවත්පතකට පැවැසීය.
මැදපෙරදිග යුදමය තත්ත්වය, ඉන්ධන මිල ඉහළ යාම, නෞකා ගාස්තු හා රක්ෂණ ගාස්තු ආදියෙහි ඉහළ යාමට සාපේක්ෂව සියලුම ඉදිකිරීම් ද්‍රව්‍ය මිල ගණන් විශාල මුදලකින් වැඩි වූ බවද ඔහු සඳහන් කළේය.
සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150 ත් 175 ත් අතර ගණනකින් ඉහළ ගිය බවත් යකඩ මිල ගණන් සියයට 30 කින් පමණ වැඩි වූ බවත් ඩරින්ටන් පෝල් පැවැසීය.
රජයේ ඉදිකිරීම් සඳහා දැනට යොදවා ඇති මුදල් ප්‍රමාණය කොතරම් ද එම ඉදිකිරීම් අවසන් කිරීම සඳහා ඇස්තමේන්තු කළ මුදල මෙන් තවත් ඒ හා සමාන මුදලක් වැය කිරීමට තරම් තත්ත්වය දරුණු වී ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.
තම සංගමය යටතේ ඉදිකිරීම් සමාගම් 2200 ක් පමණ සිටින බවත් ගොඩනැගිලි ද්‍රව්‍ය මේ සා විශාල ගණනකින් ඉහළයාම හමුවේ ඉදිකිරීම් කටයුතු කරගත නොහැකිව ඔවුන් බරපතළ අර්බුදයකට ගොස් සිටින බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකාව තුළ ඩොලර් නොමැති වී රට අර්බුදයට යාමෙන් පසු ඩොලර් සංචිත යම් ප්‍රමාණයක් එකතුවී තිබියදී වාහන ආනයනයට ඉඩ දීමට ගත් තීරණය මෙරට ඩොලර් සංචිතවලට දැඩි බලපෑමක් කළ බවද ඔහු පෙන්වා දෙනු ලැබීය.
මේ වන විට ඩොලරයේ අගය රුපියල් 335 ක් බවට පත්ව තිබෙන බවත් එය ඊට වඩා ඉහළ ගියහොත් පවතින තත්ත්වය බරපතළ විය හැකි බවද ඔහු සඳහන් කළේය.
2026 මැයි 19, ප.ව. 1:26
2026 මැයි 19, ප.ව. 12:09
2026 මැයි 19, ප.ව. 12:07
2026 මැයි 19, පෙ.ව. 10:51
2026 මැයි 19, පෙ.ව. 10:48
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
17-05-26
17-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26