hit counter

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:04



ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අන්තර්ජාලයෙන් මගී ආසන වෙන් කිරීමේ සේවාව සඳහා ඉදිරි වසරේ සුඛෝපභෝගී බස් රථ 200ක් එක් කිරීමට කටයුතු කරන බව ලංගම සභාපති ලලිත් ද අල්විස් මහතා පවසනවා.

sltb.eseat.lk වෙබ් අඩවිය ඔස්සේ වසරකට අධික කාලයක් සිදු කළ අන්තර්ජාලය ඔස්සේ මගී ආසන වෙන් කිරීමේ සේවාව අති සාර්ථක බව ද හෙතෙම පෙන්වා දෙනවා.

මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා මගී ආසන 80,000ට ආසන්න ප්‍රමාණයක් වෙන් කරගෙන ඇති බවත් ඊට අදාළව රුපියල් කෝටි තුනහමාරකට ආසන්න ආදායමක් ලංගම උපයා ඇති බවත් සභාපතිවරයා ප්‍රකාශ කර සිටිනවා.

පසුගිය නත්තල් නිවාඩුව සහිත සතිඅන්තයේ විශාල ඉල්ලුමක් මෙම ආසන වෙන් කිරීමේ සේවාව ඔස්සේ ලැබුණු බව කී ඒ මහතා 1315 අංකය ඔස්සේ ද ආසන වෙන් කිරීමේ පහසුව ඇතැයි ද කියා සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: