hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 23, පෙ.ව. 12:08



2030 වසර වනවිට හෘද රෝග හේතුවෙන් සිදුවන මරණ අභිභවා පිළිකා රෝගයෙන් සිදුවන මරණ ප්‍රමාණයේ ඉහළ යාමක් සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන බව සෞඛ්‍ය ලේකම් පාලිත මහීපාල පවසයි.

පිළිකා රෝගී ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීම අරමුණු කරගෙන මාතර, කඹුරුගමුව “ලැබීම” නව දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 80 ක වියදමින් ඉදිකළ “අපේක්ෂා පියස” පිළිකා රෝගී ප්‍රතිකාර වාට්ටුව විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල කියා සිටියේ පිළිකා රෝගීන් අඩු කිරීම සඳහා ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කරනවා මෙන්ම රෝග නිවාරණ අංශය ශක්තිමත් කිරීම ඉතා වැදගත් වන බවයි.

කල් ඇතිව රෝගීන් හඳුනා ගැනීම, වළක්වා ගැනීම, ආහාර රටාවන් වෙනස් කිරීම, ව්‍යායාමවල යෙදීම වශයෙන් රෝග නිවාරණ අංශයේ වැඩපිළිවෙළ රාශියක් තිබිය යූතු බවයි. ඒ සඳහා දැනට ක්‍රියාත්මක වැඩ ශක්තිමත් කළ යුතු බව ද පැවසුවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන පරිදි දැනට සිදුවන මරණ අතරින් වැඩිපුර මරණ සිදු වන්නේ හෘද රෝග හේතුවෙන්ය. 2030 වසර වන විට හෘද රෝග අභිභවා පිළිකා රෝග මරණ වැඩි වන බව ද සඳහන් කරයි.

වසරකට ඖෂධ සඳහා පමණක් බිලියන 180ක් වෙන් කර තිබෙන අතර ජනතාවගේ මුදල් හරිහැටි කළමනාකරණය කර ගුණාත්මක ඖෂධ සැපයීම වගකීමක් හා යුතුකමක් බව ද සෞඛ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: