hit counter

2024 ඔක්‍තෝබර් මස 13 වන ඉරිදා

2023 ජූලි 16, පෙ.ව. 3:41



පේරාදෙණිය රෝහලේදී එන්නතක් ලබාදීමෙන් පසු තරුණියක් මියයාමට හේතුවූ වූ එන්නත් කාණ්ඩය තාවකාලිකව භාවිතය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

මාධ්‍යට ප්‍රකාශයක් සිදුකරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ පේරාදෙණිය රෝහලට සහ මහනුවර රෝහලට ලබාදුන් එම එන්නත් කාණ්ඩ තාවකාලිකව භාවිතය අත්හිටුවන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා,

“පේරාදෙණිය රෝහලේ Ceftriaxone ඖෂධය ලබාදීම නිසා මියගිය දරුවාගේ ඒ මියයෑම පිළිබඳව මා වෙතින් ප්‍රශ්න කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී එම ඖෂධය භාවිතයෙන් ඉවත්කරනවාද නැද්ද යන්න මා විසින් ප්‍රශ්නයක් නැගුවා. ඒ අවස්ථාව වන විට ඒ මියගිය දරුවාට ලබාදුන් ඒ Ceftriaxone ඖෂධය ඒ වේලාවේදී අපිට වෙනත් නැත්වලින් එම ඖෂධය ලබාදීම නිසා අසාත්මිකතාවයන් වාර්තා වී නොතිබුණ නිසා අපි ඒ වෙලාවේදී එම ඖෂධය භාවිතයෙන් ඉවත්‌ නොකිරීමට තීරණය කර තිබුණේ. නමුත් මේ වනවිට නැවතවරක් මහනුවර  රෝහලේ දී තවත් ඒ ඖෂධයම පාවිච්චි කරන විට රෝගීන් දෙදෙනෙකුට ආසාත්මික තාවයන් පැමිණ තියෙනවා. ඒ ආසාත්මික තාවයන්ට අපි අවශ්‍ය ප්‍රතිකා ලබාදීලා ඒ රෝගීන් සියලුදෙනාම ප්‍රකෘති තත්ත්වයේ ඉන්නවා. ඔවුන්ට කිසිම හානියක් නැහැ. නමුත් පේරාදෙණිය රෝහලට සහ මහනුවර  රෝහල ඇතුළු ලංකාවේ අනෙක් රෝහල්වලට මෙම ඖෂධයේ කාණ්ඩය 10කට වැඩිය අපි බෙදාහැරලා තියෙනවා.

මේ වනවිටත් එම ඖෂධය එම රෝහල්වල දිගටම භාවිතා කරනවා. ඉතින් මහනුවර රෝහලේ ඒ ඇතිවූ සිද්ධියත් සමගම මහනුවර රෝහලටත් පේරාදෙණිය රෝහලටත් ලබාදී තිබූ කාණ්ඩවලට අයත් ඒ ඖෂධ තොගය තාවකාලිකව භාවිතය අත්හිටුවීමට තීරණය කළා. මේ පිළිබඳව ඖෂධ නියාමන අධිකාරියත්, අමාත්‍යවරයාත්, ඖෂධ භාරව ඉන්න අතිරේක ලේකම්වරයාත්, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාත් සමග සාකච්ඡා කරලා රෝගීන්ගේ සුරක්ෂිත තාවය සඳහා තාවකාලිකව මෙම ඖෂධය තත්ත්ව රසායනාගාරයකට යවලා පරික්ෂාකරන තෙක්. මහනුවර රෝහලටත්, පේරාදෙණිය රෝහලටත් ලබාදී ඇති එම කාණ්ඩ තාවකාලිකව භාවිතය නතර කරන්න අපි තීරණය කරලා තියෙනවා. නමුත් අනෙක් කාණ්ඩ තවදුරටත් එසේම භාවිත කරන්න තීරණය කරලා තියෙනවා.” 

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: