hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ජූලි 13, ප.ව. 1:52



උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට පේරාදෙණිය රෝහලට පැමිණි 21 හැවිරිදි තරුණියකට, එන්නත් දෙකක් ලබා දීමෙන් පසු මියගිය බවට ඇයගේ මව චෝදනා කරනවා.

ඇය පවසන්නේ එන්නත් දෙක ලබා දීමෙන් පසුව තම දියණිය නිල් පැහැයට ලක් වූ බවයි.

පළමු එන්නත ලබා දීමෙන් පසුව සිය අතට වේදනාවක් දැනුණු බවට දියණිය ප්‍රකාශ කිරීමෙන් පසුව රෝහලේ හෙදියක විසින් තවත් එන්නතක් ලබා දී තිබෙනවා.

ඒ අනුව දෙවන එන්නත ලබාදීමෙන් පසුව සිය ඇස්වලින් වේදනාවක් පිටවන බවට දුව ප්‍රකාශ කළ බවත් අනතුරුව ඇය සේලයින් බෝතලය ද එල්ලගෙන වැසිකිළියට දිව ගිය බවයි ඇයගේ සහයට රෝහලේ සිටි මව පවසන්නේ.

අනතුරුව වැසිකිළියේ ඇති මුහුණ සේදීමට ඇති ස්ථානයේ හිස තබාගෙන සිටියදී දියණියගේ මුඛයෙන් සෙම පිටවූ බවයි මියගිය තරුණියගේ මව වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

මවගේ කෑගැසීමත් සමග එම ස්ථානයට පැමිණි රෝහල් කාර්යමණ්ඩලය අදාළ තරුණිය රෝහලේ ඇඳකට යොමු කර පපුව තද කරමින් ප්‍රතිකාර කර ඇති නමුත් ඇය බේරා ගැනීමට හැකියාවක් ලැබී නැහැ.

චමෝදි සංදීපනී නමැති ඇය, ප්‍රදේශයේ රෝහලකට පසුගිය 10 වනදා ඇතුළත් වීමෙන් අනතුරුව ඊට පසුදින එනම් 11වන දින පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබුණේ ගිලන් රථයකින්.

මෙලෙස මියගිය තරුණිය මැණික්දිවෙල – පොත්තපිටියේ පදිංචිකාරිණියක්.

තරුණියගේ මව චෝදනා කරන්නේ එන්නත් හේතුවෙන් තම දියණිය මිය ගිය බවටයි.

සමස්ත ලංකා හෙද සංගමය අද මාධ්‍ය හමුවක් පවත්වමින් මියගිය චමෝදිට ලබාදුන් එන්නත පිළිබඳව කරුණු පැහැදිළි කළා.

එහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී.මැදිවත්ත මහතා,

”මේකෙ සඳහන් කරලා තියනව මිලි ලීටර් 10ක මේ ඖෂධය දිය කරලා තමා රෝගියට දෙන්න ඕනෙ කියලා. මේ මොහොතේ රටේ රෝහල් පද්ධතිය තුළ ඊට අවශ්‍ය මිලි ලීටර් 10 සිරින්ජර් නෑ. නමුත් මේ හෙද නිලධාරිනිය අදාළ ඖෂධය 5CC සිරින්ජර් දෙකක දියකරලා තමා මේ ඖෂධය ලබා දීලා තියෙන්නේ. ඒකෙං ඇති වුණු සංකූලතාවක් නිසා මේ මරණය වුණා කියන එක තමා අපිට තොරතුරු ලැබිලා තියෙන්නේ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: