hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 14, පෙ.ව. 2:00



පේරාදෙණිය රෝහලදී 21 හැවිරිදි චමෝදි සංදීපනී නම් තරුණියක් ප්‍රතිකාර ලබමින් සිතන අතරතුර මිය යාම සම්බන්දයෙන් අද එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන් තිලකරත්න මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කරුණු දැක්වුවා. 

ඔහු පැවසුවේ වෛද්‍යවරුන්ගේ අතපසුවීමක් හෝ වරදක් හේතුවෙන් මේ මරණය සිදු වී ඇති බවට මෙතෙක් කරුණු හෙළි වී නැති බවයි. 

මේ සම්බන්ධයෙන් මාධ්‍යයට වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා,

අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා – “මේක ඖෂධයේ ගැටලුවක් නිසා සිදුවුණා කියන්න අමාරුයි. ආසාත්මිකතාවයක් නිසා ඇතිවුණ තත්ත්වයක්. Ceftriaxone ඖෂධ මාත්‍රා 2700ක් වෙනත් රෝගින්ට දී තිබෙනවා.”

මාධ්‍යවේදියා – යම්කිසි අත්වැරදීමක් හරි එහෙමත් නැතිනම් අධිමාත්‍රාවක් දීමක් ගැන ඔබතුමා නිරීක්ෂණය කරලා තියෙනවාද?

අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා – “Ceftriaxone කියන්නේ දවසකට එකවරක් දෙන ඖෂධයක්. මිලිග්‍රෑම් 2ක් ලබාදෙන්න ඕනේ. එක කුප්පියක තියෙන්නේ එක මිලිග්‍රෑම් එකයි. ඒ නිසයි දෙකක් දීලා තියෙන්නේ. එන්නත් දෙකක් දීලා නැහැ. මීට කලින් ආසාත්මිකතාවයන් ආවද බැලුවා. මේ රෝගියාට කළින් ආසාත්මිකතාවයන් ඇතිවෙලා නැහැ. එන්නත නොදෙන්න හේතුවක් තිබුණේ නැහැ.”

මාධ්‍යවේදියා – පළමුවෙනි එක දෙනකොට පොඩි ආසාත්මිකතාවයක් මතුවෙද්දි, ඊළඟ එක නොදී ඉන්න පුළුවන් පරාසයක් මෙතන නැද්ද?

අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා – “පළමුවෙනි එක දෙද්දී ආසාත්මිකතාවයක් මතුවුණේ නැහැ. දෙකම දීලා විනාඩි දෙක තුනකින් තමයි රෝග ලක්ෂණ මතුවෙලා තියෙන්නේ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: