2026 අප්‍රේල් 17, ප.ව. 5:49
හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සිය ෆේස්බුක් පිටුවට ඇගේ මව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඇයට ලබාදුන් උපදෙසක් සම්බන්ධව අද (17) උදෑසන අපූරු සටහනක් එක කර තිබුණා.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති කාලේ තමන්ට පාවිච්චිය සඳහා ලබා දී තිබුණේ එක මෝටර් රථයක් පමණක් බවත් රජයේ වාහන කිසිවක් භාවිත කිරීමට අපට අවස්ථාව හිමි නොවුන බවත් එම සටහනේ සදහන් කරලා තිබුණා.
එම සටහන පහතින් දැක්වේ.
අපේ අම්මා අගමැති කාලේ අපි තුන්දෙනාට පාවිච්චිය සඳහා ලබා දී තිබුණේ එක මෝටර් රථයක් පමණයි. රජයේ වාහන කිසිවක් භාවිත කිරීමට අපට අවස්ථාව හිමි වුණේ නෑ. එක දවසක් එම මෝටර් රථයෙන් අක්කා යම් කිසි ගමනක් ගොස් තිබුණා. ඒ අතර මටත් වෙන ගමනක් යායුතුව තිබුණත් අක්කා නැවත පැමිණීමට ප්‍රාමාදවීම නිසා යාමට නොහැකිව සිටින විට අම්මා ද එදින අරලිය ගහ මන්දිරයේ සිටි නිසා අම්මාගේ නිල රථය ඉල්ලාගෙන අදාළ ගමන ගියා. නැවත මා ආපසු එන විට අම්මා තරප්පුවට වී ඉනේ අතකුත් තියාගෙන
“ආණ්ඩුවේ වාහන මේ විදිහට පාවිච්චි කරන්න ඔයා කවුරු කියලද හිතාගෙන ඉන්නෙ යනුවෙන් තරහෙන් විමසුවා.”
එතුමිය ඒ ඉගැන්වූ පාඩම මා ජනාධිපති ධුරය දරන විට පවා මාගේ දරුවන් දෙදෙනා කෙරෙහිද තදින් අනුගමනය කරමින් හිතුමතේ රාජ්‍ය දේපළ භාවිත කිරීමට ඉඩකඩ ලබාදුන්නේ නෑ.
අද අම්මා ජිවත්ව සිටියා නම් අවුරුදු 110ක්.
ආදරණීය අම්මේ!
නිවන් දකින්න පෙර අප අතරට යළි එන්න –
ගිලන් වී තිබෙන අප දේශය සුව කරන්නට!
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:15
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26