hit counter

2026 අගෝස්‍තු මස 18 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:02



ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගෙන් සියයට 60ක් මානසික පීඩනයෙන් පෙළෙන බව අනාවරණය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව වැඩිදුරටත් හෙළිදරව් වී ඇත්තේ ඉහළ වසරවල ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 24ක් විශාදය රෝගී තත්ත්වයෙන් පෙළෙන බවයි.

ශ්‍රී ලංකා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා විසින් සිදුකළ පර්යේෂණ ඔස්සේ මෙම තොරතුරු අනාවරණය වී ඇති බව පැවසුවා. එසේම ඔහු සඳහන් කළේ,

“මෙම මනෝ වෛද්‍ය පරීක්ෂණයෙන් හොයා ගත්තේ, අධ්‍යාපන පිළිබඳ තිබෙන දැඩි පීඩනය, නිවසේ දෙමව්පියන් සමග තිබෙන ගැටලු, සමාජ මාධ්‍ය භාවිතය සහ දරුවන්ට ඇතිවෙන ශාරීරික පීඩා මෙම මානසික පීඩනයට හේතුවූ බවයි.” “ලංකාවේ ජනගහනයෙන් 19%ක් වැනි ප්‍රතිශතයකට විශාදයේ ලක්ෂණ තිබෙන බව මින් පෙනෙනවා.” යනුවෙන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: