hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 අගෝස්‍තු 19, පෙ.ව. 2:02



කෑගල්ල සහ සීතාවකපුර පොලිස් කොට්ඨාසවල වයස අවුරුදු 18ට අඩු දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වැඩසටහනක් කෑගල්ල පොලිසිය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ දිනවල දරුවන්ට එරෙහිව සිදුවන අපරාද අවම කිරීම හා පාලනය කිරීම වෙනුවෙන් අදාළ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.

ග්‍රාම නිලධාරී වසම්වල සිටින අනාරක්ෂිත දරුවන් හඳුනා ගැනීම සඳහා රජයේ නිලධාරීන්ගේ සහයෝගය ද ලබා ගන්නා බව ද සඳහන්.

නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ පවසා ඇත්තේ රැකවරණය අවශ්‍ය දරුවන් හඳුනා ගැනීම සඳහා නිර්ණායක 28 ක් භාවිතා කෙරෙන අතර දරුවන්ගෙන් සහ පවුලේ සාමාජිකයින්ගෙන් තොරතුරු ගැනීම සඳහා මුද්‍රිත පෝරමයක් භාවිතා කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: