hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:19



වෛරසයක් මගින් පැතිර යන රෝගී තත්ත්වයක් මේදිනවල දරුවන් අතර පැතිර යාමේ සම්භාවිතාවක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.

මුඛයේ, දෙඅත් සහ දෙපාවල රතු ලප ලෙස හෝ බිබිලි ලෙස එම වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්ත විය හැකි බවයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ.

කෙසේවෙතත් මෙම රෝගයෙන් දරුණු අතුරු ආබාධ තත්ත්වයන් ඇතිවීමට හැකියාවක් නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් බියවිය යුතු නොමැති බව ද බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: