hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 13, පෙ.ව. 12:03



අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා චර්ම රෝගවල ව්‍යාප්තියක් දක්නට ලැබෙන බවත් දරුවන්ට මෙම තත්ත්වය දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි.

දරුවන් දවල් කාලයට ක්‍රීඩා කටයුතු සිදුකරන්නේ නම් ගෘහස්ත ස්ථානයක් ඒ සඳහා ලබාදීමට ප්‍රායෝගික ක්‍රියාවලියක් සිදුකළ යුතු බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි.

දරුවන්ට නිසි පරිදි ජලය හා දියර වර්ග පානය කිරීමට ලබානොදීමෙන් තාප කම්පන තත්ත්වයන්ට පත්ව මරණ පවා ඇති විය හැකි බවද වෛද්‍යවරයා සදහන් කරයි.

විජලනය හේතුවෙන් ශරීරයට අපහසුකම් දැනෙන බවත් කම්මැලිකම, මහන්සිය, හිසරදය, වමනය, නිදිමත ගතිය, දරුවන්ට ආහාර රුචිය අඩුවීම වැනි අපහසුතා ඇතිවන බවද වෛද්‍යවරයා සදහන් කරයි.

දෙපාරක් හෝ නෑමට ඉඩ ප්‍රස්ථාව දරුවන්ට ලබාදිය යුතු බවත් චර්ම රෝග ඇති අයෙක් නම් උදෑසනට හා රාත්‍රීයට විනාඩි 20ක පමණ කාලයක් ජලයේ සිටීමෙන් එම තත්ත්වය යම් දුරකට පාලනය කරගත හැකි බවද සදහන් කරයි.

තවත් මාස දෙකක කාලයක් මෙම තත්ත්වය ඇතිවිය හැකි බැවින් දරුවන්ට වැඩිපුර ජලය පානය කිරීමට උපදෙස් ලබාදීම වැදගත් බවද වෛද්‍යවරයා සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: