2024 පෙබරවාරි 21, පෙ.ව. 12:15
මේ වනවිට සමාජයේ ඇතිවී තිබෙන විවිධ වෙනස්කම් හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සහ යහ පැවැත්ම තහවුරු කිරීම සදහා ළමා අයිතිවාසිකම් පිළිබඳ සංයුක්ත පනත කෙටුම්පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
රටේ දරුවන් විවිධ අපයෝජකයන්ට ලක්වීම, විවිධ අපචාරී ක්‍රියාවල යෙදවීම, ඔවුන්ට තම අයිතිවාසිකම් භුක්ති විඳීමට ඇති අවස්ථාවන් අහිමි වන අවස්ථාවන්ද බහුලව වාර්තා වී ඇති බව රජය සදහන් කරයි.
දරුවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය තහවුරු කිරීම සඳහා දැනට පවතින නෛතික ප්‍රතිපාදන වලට අමතරව ළමා අයිතිවාසිකම් සම්මුතියේ සඳහන් සියලු අයිතීන් සුරක්ෂිත වන සේ සංයුක්ත පනතක් සම්පාදනය කිරීමට යෝජනා කර ඇත.
ළමා අයිතිවාසිකම් පිළිබඳ සංයුක්ත පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට කාන්තා ළමා කටයුතු හා සමාජ සවි බල ගැන්වීමේ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26