hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 පෙබරවාරි 26, පෙ.ව. 12:07



ඉදිරි මාස තුන ඇතුළත ශරීර උෂ්ණත්වයට වඩා පරිසර උෂ්ණත්වය වැඩිවන හෙයින් දරුවන් මෝටර් රථවල තනිකර දොරගුළු වසා පිටව නොයන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

මේ දිනවල දැඩි උෂ්ණත්වය මෝටර් රථ වලටත් බලපාන හෙයින් ඒ තුළ දරුවන් රඳවා යෑමෙන් දරුවන්ගේ ජීවිත අවදානමකට ලක්වූ අවස්ථා මීට පෙර සිදුව ඇති බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි.

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් දිනකට ජල බෝතල් 2ක් පානය කරන පුද්ගලයන් එම සංඛ්‍යාව වැඩිකර වැඩිපුරම ජලය භාවිතා කිරීම වැදගත් බවත් ස්වභාවික දියර භාවිතයට ගත යුතු බවද වෛද්‍යවරයා සදහන් කරයි.

කුඩා දරුවන්ට දිනපතා ජලයේ සිටීමට ඉඩහැරීමද සුදුසු බවත් ශරීරයට උෂ්ණත්වය වැඩිපුර දැනෙන විට සමේ රෝගද වැඩිවීමට ඉඩ ඇති බවත් ජලය පාවිච්චි කිරීම අඩු වීමෙන් මොළයේ ආබාධ ඇතිවිය හැකි බවද වෛද්‍යවරයා සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: