hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 24, පෙ.ව. 12:04



විදේශ අරමුදල් යටතේ මෙරට ක්‍රියාත්මක වන බොහෝ ව්‍යාපෘති නවතා දැමීම රජයේ සංවර්ධන ව්‍යාපෘතීන් සීමා කිරීම හා පවතින ආර්ථික අර්බුදය හමුවේ පෞද්ගලික අංශය ඉදිකිරීම් කටයුතු සීමා වීම ආදී කාරණා රාශියක් මත මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 70% පමණක් කඩා වැටී ඇති බව ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය සඳහන් කරයි.

මෙම ආර්ථික අර්බුදය හමුවේ විරැකියාවෙන් පෙළෙන පෙදරේරුවන් සහ වඩු කාර්මිකයින් ඇතුලු වෘත්තිකයන්ගේ දරුවන් කුසගින්නේ පසුවන අතර, මීට ඉහත වසර වලදී සිදු කළ රජයේ ඉදිකිරීම් ව්‍යාපෘතීන් සමග සංසන්දනය කරන විට මේ වන විට සිදුවන්නේ ඉන් 20% ක පමණ ප්‍රමාණයක් බවද පෞද්ගලික අංශය ඉදිකිරීම් සිදුවන්නේ 30% ක ප්‍රමාණයක් බවද එම සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

මෙරට ආර්ථික කඩා වැටීම ආරම්භ වීමට පෙර ඉදිකිරීම් සංවර්ධන අධිකාරියේ ඉදිකිරීම් කම්කරුවන් 5000කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වී සිටි බවත් එම ප්‍රමාණය මෙය වන විට 2500ක් දක්වා අඩුවී තිබෙන බවත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළ රැකියා කළ ඉංජිනේරුවන්ගෙන් 50% කට වැඩි ප්‍රමාණයක් රට හැර ගොස් තිබෙන බවත් හෙතෙම පැවසුවා.

රජය විසින් ඩොලරයේ මිල පහත වැටී ඇති බව සඳහන් කළත් ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ අමුද්‍රව්‍යයන්හි කිසිදු එකක මිල තාමත් අඩුවී නොමැති බව පෙන්වා දුන් එතුමා, එම ඉහළ යෑම හමුවේ ග්‍රාමීය ජනතාව සිදුකළ ඉදිකිරීම් ද සම්පූර්ණයෙන්ම නැවතී ගොස් තිබෙන බවද ඔහු සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: