2024 සැප්තැම්බර් 11, පෙ.ව. 12:04
එළඹෙන 15 වනදා පැවැත්වීමට නියමිත මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව පවත්වන උපකාරක පන්ති අද දිනයේ සිට එනම් සැප්තැම්බර් 11 වන දින මධ්‍යම රාත්‍රී 12 සිට ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ විභාග අපේක්ෂකයින් සඳහා උපකාර පන්ති සංවිධානය කිරීම, මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු විභාග කටයුතු අවසන් වනතෙක් නැවත පැවැත්වීම නීති විරෝධී බවයි.
කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා සිටියේ, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීමද සම්පූර්ණයෙන්ම තහනම් වන බවයි.
එමෙන්ම යම් අයෙක්, ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් විසින් ඉහත නියෝග නොසලකා කටයුතු කරන්නේ නම්, ඔවුන් විභාග පනත යටතේ වරදකරුවෙකු වන බවත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට උපදෙස් ලබාදී ඇති බවත් ජයසුන්දර මහතා අවධාරණය කළේය.
කිසියම් කන්ඩායමක් හෝ පුද්ගලයෙකු එවැනි කටයුත්තක යෙදෙන්නේනම් ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට, පොලිස් මූලස්ථානයට හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසද ඔහු සඳහන් කළේය.
2024 දෙසැම්බර් 07, පෙ.ව. 12:29
2024 දෙසැම්බර් 07, පෙ.ව. 12:23
2024 දෙසැම්බර් 07, පෙ.ව. 12:15
2024 දෙසැම්බර් 07, පෙ.ව. 12:12
2024 දෙසැම්බර් 07, පෙ.ව. 12:09
07-12-24
07-12-24
07-12-24
07-12-24
07-12-24
07-12-24
07-12-24
07-12-24
07-12-24
07-12-24
07-12-24
07-12-24
07-12-24
07-12-24
06-12-24
06-12-24
06-12-24
06-12-24
06-12-24
06-12-24
06-12-24
06-12-24
06-12-24
06-12-24