hit counter

2026 අප්‍රේල් මස 22 වන බදාදා

2024 දෙසැම්‍බර් 05, පෙ.ව. 12:10



නාගරික ප්‍රදේශ රැසක පොල් ගෙඩියක මිල රුපියල් 200ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ග්‍රාමීය ප්‍රදේශවලද පොල් ගෙඩියක් අලෙවි කෙරෙන්නේ රුපියල් 160 ඉක්මවු මිලකටයි.

වෙලදුන් පවසන්නේ ප්‍රමාණවත් පරිදි පොල් තොග නොලැබීම නිසා මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි.

කොළඹ ඇතැම් ප්‍රදේශවල පොල් බෑයක් රුපියල් 100-120 ත් අතර මිලකට අලෙවි කරයි.

පොල් මිල තවදුරටත් ඉහළ යනු ඇතැයිද වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

පොල් අස්වනු නෙළීම අඩුවීම, පොල් ආශ්‍රිත අපනයන සඳහා පොල් වැඩි වශයෙන් යොදා ගැනීමත් නිසා මෙලෙස පොල් මිල ඉහල යාමට බලපා තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: