hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 30, පෙ.ව. 9:47



අයවැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (30)පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(30) සවස 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

ජනාධිපතිවරයා අයවැය කතාව කියවීම ආරම්භ කිරීමට නියමිතව ඇත්තේද සවස 1.00ට පමණ.

අයවැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබුවා.

නව සංශෝධන පනත් කෙටුම්පත අනුව රජයේ වියදම පසුගිය වසරට සාපේක්ෂව රුපියල් කෝටි හතළිස් හත් දහසකින් පමණ වැඩි වෙයි.

මේ අතර අරගලකරුවන් විසින් අද (30) කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරයේදී මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා කොළඹ නගරයේ ආරක්‍ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම ආරක්‍ෂිත වැඩපිළිවෙළ යටතේ ඩ්‍රෝන කැමරා යොදාගැනීමත්, පොලිස් බුද්ධි අංශ සහ කැරලි මර්දන ඒකකවල ද පොලිස් විශේෂ කාර්ය බළකායේ ද සහාය ලබා ගැනීමට පියවර ගෙන ඇතැයි වාර්තා වනවා.

මෙම උද්ඝෝෂණයේදී ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවුවහොත් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බව ආරක්ෂක අංශ සඳහන් කරනවා.

මේ අතර පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල පිහිටි දියවන්නා ඔය ආශ්‍රිතව විශේෂ නාවික හමුදා කණ්ඩායම් යාත්‍රා යොදවමින් ආරක්‍ෂාව තහවුරු කරන බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: