hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 15, ප.ව. 5:17



මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (14) පැවැති තරගයෙන් කඩුලු 02ක තියුණු ජයක් වාර්තා කරමින්.

ඒ අනුව එළඹෙන ඉරිදා (17) අවසන් මහා තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙනවා.

අවසන් මහා තරගයේ ප්‍රවේශපත්‍ර රැසක් මේ වනවිට විකිණී අවසන් වී ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ C,D ඉහළ සහ පහළ කොටස්වල  ප්‍රවේශපත්‍ර සියල්ල මේ වනවිට විකිණී අවසන් බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා ලෝලීන්ට වැඩිදුරටත් දැනුම් දෙන්නේ මේ වනවිට ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැක්කේ A කොටසේ ඉහළ සහ පහළ, B කොටසේ ඉහළ සහ පහළ, ප්‍රධාන ප්‍රේක්ෂකාගාරයේ ටිකට් පත් පමණක් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: