hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 9:17



අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ඊයේ (18) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ ආසියානු කුසලානය සඳහා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති ඉන්දීය ශ්‍රී ලංකා අවසන් මහා තරගයේ පාවා දීමක් සිදු වූයේදැයි සොයා බලා එවන් ක්‍රීඩකයන් වෙතොත් රටට හෙළි කරන ලෙසයි.

මෙම පැමිණිල්ල යොමු කර තිබුණේ පොලිස්පතිවරයා වෙතයි.

පැමිණිල්ල ඉදිරිපත් කළ සංවිධානයේ සභාපතිවරයා වන ජාමුනි කමන් කුමාර මහතා පැවසුවේ සුළු කාලයක් ඇතුළතදී මුළු ක්‍රීඩා කණ්ඩායමම දැවී යාම අල්ලස්වලට යටවී ක්‍රීඩාව පාවා දුන්නේද යන්න සැකසහිතභාවයක් ඇති කරන බවයි.

එවන් සැකසහිතභාවයක් ඇතිවීමට ප්‍රධාන හේතුව 1999 සහ 2003 වසරවලදී ක්‍රීඩා තරග පාවා දුන් ක්‍රීඩකයන් දැන් අත්තඩංගුවේ සිටීම බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ඇරඹීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ වගකීම බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

පොලිස් මූලස්ථානය අවධාරණය කළේ ඔහු විසින් යොමු කරන ලද පැමිණිල්ල පොලිස්පතිවරයාට යොමු කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: