hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 02, පෙ.ව. 12:04



ඊයේ (01) උදෑසන සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹින.

එමෙන්ම අද (02) දිනයේ ද එය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ රුපියල් 35,000කින් ඉහළ දැමුණු වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනා හෙවත් ඩැට් දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලමින්.

මීට පෙර ද ඔවුන් මෙම දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා වර්ජනයක නිරත වුණා.

එම ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දෙන බවට පොරොන්දු වීමත් සමඟ එය තාවකාලිකව අවසන් වුණා.

නමුත් එම සාකච්ඡාව ලබා නොදීම හේතුවෙන් සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් මෙලෙස ඒකාබද්ධව වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: