hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 07, පෙ.ව. 12:02



මාර්තු මස 21වන දින ජාතික නාවිකයින්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වාර්තා වන්නේ, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවයි.

මෙහි අරමුණ වී ඇත්තේ, මෙරට දේශීය ආර්ථිකයට නාවිකයින් දක්වන දායකත්වය ඇගයීම සහ නාවික වෘත්තීය සඳහා උනන්දුවක් දක්වන්නන් ආකර්ෂණය කරගැනීමයි.

ඒ අනුව සෑම වර්ෂයකම මාර්තු මස 21වන දින ජාතික නාවිකයින්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බව සඳහන් ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: