hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 03, ප.ව. 3:57



ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයින්ට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ, අනුව මේ මස 20 වැනිදා සිට මැයි මස 20 වැනිදා දක්වා මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.

මෙහිදී සිය හමුදා මූලස්ථානය වෙත පැමිණ වාර්තා කරන හමුදා සාමාජිකයින් සඳහා නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට අවස්ථාව සැලසෙනවා.

එමෙන්ම යම් පුද්ගලයෙකු විසින් කිසියම් මුදලක් හමුදාවට අය විය යුතුව තිබේ නම් එම මුදල් අයකර ගැනීම ද මෙහිදී සිදු වනු ඇති.

ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, මෙම සමා කාලය අප්‍රේල් මස 02 වන දිනට පෙර නිවාඩු නොමැතිව නොපැමිණ සිටින අය සඳහා පමණක් අදාළ වන බවයි.

එමෙන්ම මීට අමතරව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින දැනට විදේශගතව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත ද නැවත ඔවුන්ගේ ආදාළ ඒකකය වෙත වාර්තා කිරීමකින් තොරව පොදු සමා කාලයේ දී කොන්දේසි කිහිපයකට යටත්ව නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට අවස්ථාව ලැබෙනු ඇති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: